
(අංජුල මහික වීරරත්න)
කොළොන්නාව ජල ගැලුම් තත්ත්වය වැළැක්වීම සඳහා සකස් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළොන්නාව ප්‍රදේශයේ ජල ගැලීම් ඇති වීම සඳහා බලපාන මූලික හේතු සොයා බලා එවැනි තත්ත්වයක් නැවත ඇති වීම වලක්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සහ කොළොන්නාව නගරය ප්‍රතිසංවිධානය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට 2024 -06-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීම් වලට හේතුවන මූලයන් හඳුනාගෙන නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සකස් කරනු ලැබ ඇති වාර්තාව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරමින් පවතින කොළොන්නාව නගර සංවර්ධන සැලසුම හා කොටිකාවත්ත - මුල්ලේරියාව නගර සංවර්ධන සැලසුම මාස 4 ක කාලයක් ඇතුලත සකස් කර ක්‍රියාත්මක කිරීම ඇතුළුව නිර්දේශ 16ක් එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එම නිර්දේශ නිසි අධ්‍යයනයකින් අනතුරුව අදාළ වග කිවයුතු ආයතන හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.