IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කමලා හැරිස් ඇගේ දෙවැනියා තෝරා ගනී

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස්, ඇගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුරය සඳහා ටිම් වොල්ස් තෝරා ගත්තාය. ඒ, පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්‍රටික් පක්ෂ රැලියේදීය.

60 හැවිරිදි ටිම් වොල්ස්, මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාය. ලිබරල් දේශපාලන මතධාරියකු වන වොල්ස්, පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබේ. ඔහු මිනසෝටා ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ 2019 වසරේ සිටය.

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කමලා හැරිස්, වර්තමානයේ ඇමෙරිකාවේ උප ජනාධිපතිනිය ද වෙයි. ඇය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට පත්වුවහොත්, ඇය ඇගේ දෙවැනියා ලෙස තෝරා ගත් ටිම් වොල්ස්ට උප ජනපති ධුරය හිමිවෙයි.

එමෙන්ම හැරිස් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත්තේත්, පළමු කළු ජාතික සහ ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තිය වනු ඇත්තේත් ඇයයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

කමලා හැරිස් ඇගේ දෙවැනියා තෝරා ගනී

අරවින්ද මොනරවිල Wednesday, 07 August 2024 10:01 AM

මම හිතුවේ අපේ සජිත් පුතාණෝ තෝරා ගනියි කියලා. සමහර විට කමළා හැරිස් බය වෙන්න ඇති පුතණෝගේ සුපිරි බුද්ධියටයි කාටවත් සමකළ නොහොකි වැඩ කිරීමේ හැකියාවටයි.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site