
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට නාමල් රාජපක්ෂ මහතා කැමැත්ත පළකර ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තනතුරට ඔබ අපරිණත වුවත් රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඔබට මගේ ඡන්දය ලබාදෙමි.
රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක් එවන්න කිව්වේ මෙයාද?
ඕකට තමයි ඔච්චර තැටමුවේ...!
ඡන්ද කඩනා ප්‍රතිපත්තියක් තමයි දැන් අපිට මේ කියන ජනාධිපති ඡන්ද විමසීම තුළින් පේන්නේ
මොහුගේ ඉදිරි දේශපාලන ජීවිතේ ම අගාධයට යන ලකුණු. අපරාදේ, කාගේ හරි ලණුවක් කාලා. නාමල්ට තිබුනේ ඉදිරි අවුරුදු 5 හොඳ ස්ථාවරයක් ගොඩනගාගෙන ඊලග වතාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. මොහු තවම තරුණයි.
ගිය මිනිස්සු ආපහු එනවා තියා ඉතුරුවෙලා ඉන්න සොච්චමත් යන්නම යයි වගේ.
මොංගල් බේබි එකෙන්ම අවුට්. රටේ මිනිස්සු මෝඩයින් කියලා හිතුවාද ? ඡන්දෙට ආවත් නැතත් ඡන්දෙන් පැරදිලා ඒ කාලේ කරපු අපරාධවලට හිරේ යන්න ලෑස්ති වෙනවා.
රටට දෙයියන්ගේම පිහිටයි. මෙහෙම ගියොත් ගමේ ඉන්න අප්පුවා, කොන්ඩයා, පියදාස, සිරිසේන ඔක්කෝම අයට රටේ නායකකම ඕනේ වෙයි.
ගෙදරට නාකිවෙන ගෑලා අහලා ගියත් ඇති කියනවනේ...
නාමල්ගේ තියෙන බල තණ්හාව නිසා පොහොට්ටුවත් ඉවරයි. රාජපක්ෂ පවුලත් ඉවරයි. පවුලම විනාශයට ඉපදුණු කොල්ලෙක්. මොලේවත් ටිකක් තිබුණා නම්. මහින්දගේ කරපිටින් කොහොමහරි පාර්ලිමේන්තුවට රිංගුවා. හැමදාම ඕවා බෑ. මහමැතිවරණයෙන් ඒකෙනුත් එළියට..
මහ උදවියගේ වුවමනාවට වෙන්න ඇති...!
මට විතරද හිනා යන්නේ.
අපිනම් හිතුවෙ ඕක වෙනවා කියලා තමයි. මොකද පොහොට්ටුවෙ උරුමක්කාරයො පොල්ම:කාරයො කවදාවත්ම පොහොට්ටුවෙ අයිතිය පිට යනවාට කැමති නැහැ ඒත් ඉතින් මහලොකුවට පොහොට්ටුව උඩදාගෙන හිටපු ධම්මික පෙරේරා මේ නිසා කුජීතම වුනානේද කියලා ඔහුට නොතේරුනාට රටේ ජනතාව තේරුම් ගත්තා .තවත් අතකින් බාප්පටත් බැරිවූ දෙයක් දළදා මාලිගාව ඉදිරිපිට රේස් පැද දළදා වහන්සේටත් නිගරු කල එකෙක් කොහොම කරන්නද කියලා හිතාගන්න බැහැ.
වැටිලා තියෙන රටක් ගොඩගන්න දුවාදරුවන්ගේ අනාගතේ අපට තියලා හොරුන්ට ඡන්දෙ දෙන මෝඩයෝ කවුද?
මයිනාගේ එකම ආසාව මැරෙන්න කලින් පුතාව ජනාධිපති වෙනවා දකින්න. අනුරගේ නියපොත්තක තරම්වත් දැනුමක් තියෙයිද? අගමැති යෝශිත හරි. මිනිස්සු මේ වගේම මෝඩයි කියලා. හොරාකාපු සල්ලි වියදම් කරලා ඡන්ද ටිකක් හොයාගනියි.. ලන්කාවේ නම ඉතිරි වුනොත් ඇති. මේ වගේ නූගත් මෝඩයෙක් ජනාධිපති කරන්න..
අන්න හරි කිරි පුතේ, ඉල්ලපල්ලා. ඔබට ලැබෙයි ලොකුවයින් ලබුගෙඩියක්... තමන්ගේ තරම තේරුම්ගන්න මේක ඔබට හොඳ අවස්ථාවක්...
අර පැනල ගියපු කීයක් ආපහු එයිද?
ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට ඉතා දක්ෂ පුද්ගලයෙක්.ලාංකිකයන්ට අභසරණයි.
මෙයාගෙත් අවසානේ. අකලට පැහෙන් නැතුව හිටහන් පුතේ. ෆොන්මේසේකාට වෙච්ච දේ මතක නැද්ද? මේ වගේ තනතුරකට පත් වෙන්න නම් සදාචාරාත්මක දේශපාලනයට හැඩ ගැහිලා මිනිස්සුන්ගේ හිත දිනාගනින් ඉස්සෙල්ලා. උසස් දේශපාලන සංස්කෘතියක් ඇති කරපන් රටේ. උඹල වෙනුවෙන් නෙවේ රට වෙනුවෙන් වැඩ කරන මට්ටමට හැදියාවක් ඇතිකර ගනින්. උඹලා විනාශ කරපු රට ගොඩගන්න දර්ශනයක් හදාගනින්. මජර, ජඩ, පාදඩ අවස්ථාවාදී, බඩගොස්තරචාදී, පවුල්වාදී දේශපාලන සංස්කෘතියෙන් මිදියන්. එතකොට උඹ රටට අවශ්‍ය පුද්ගලයෙක් වෙයි.
නියම තෝරාගැනීම
ඔතනට එන්න තමයි වටේ ගියේ. වෙනවට කියනව නොවෙයි, බැරිවෙලා වත් මෝඩ මිනිස්සු ඡන්දෙ දීලා ජානාධිපති වුනොත් රටට මොනා වෙයිද? තාත්තා බලයේ ඉන්නකොට අධි ආරක්ෂිත කලාප වල කාර් රේස් පැද්ද කෙනා, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල ක්‍රීඩකයන් --- කෙනා,
ඔව් ඔව් රටම බලා සිටිනව ඔබ පරපුරක්ම මේ රටට කරපු විනාසයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පිලිතුරු ලබාදෙන්නට. පොහොට්ටුවෙන් ඉල්ලන කිසිම කෙනෙකුට මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ. නාමල් හැර වෙන කෙනෙක් ඉල්ලුවා නම් ඉතාම සුලු ඡන්ද ප්‍රමාණයක් වැඩිවෙයි..ඒත් රාජපක්ෂ කෙනෙක් ඉල්ලද්දි මිනිස්සුන් ගේ වෛරය පැහැදිලි වෙයි. හොරකම වංචාව මහා පරිමානෙන් කරල මේ රට කෑවා. ඒ විතරක්ද තමන්ගේ තුට්ටු දෙකේ අරමුණු වෙනුවෙන් කරන්න පුලුවන් හැම ජඩ වැඩක්ම කලා. වසිම් තාජුදීන්ගේ දරුවට තාත්ත කෙනෙක් ගෙනත් දීපිය ඔක්කොටම කලින්
යළි එම වැරද්ද කරන්න එපා... පොහොට්ටුවේ කිසිදු අපේක්ෂකයෙකුට ඔබගේ වටිනා ඡන්දය ලබාදෙන්න එපා.... රනිල් දිනුවොත් මීළඟ අගමැති නාමල් රාජපක්ෂ වෙනවාට කැමතිද?
අපි ගැලපෙන තැන හොදට පෙන්නලා දෙන්නම්
නොපිපි පොහොට්ටුවක අවසානය
මේකා ඔය කියන තරම් වැඩ්ඩෙක් නම් අරගලය වෙලාවේ පැත්තක හිටපු කෙනෙක් ගේන්නෙ නැතුව ඌටම කරන්න තිබුනේ නැද්ද හැකියාව තියෙනවා කියන අතීතය නොදන්නා බබාල පෙරමුණේ තබාගෙන සිටින වසර විස්සකට වැඩි පළපුරුද්දක් තියෙන පුතාණෝවත් බාර ගැනීම ප්‍රතික්ෂේප කරපු අප්පා බාප්පාටත් නොහැකි වූ ජනාධිපති තනතුරු මේකා කොහොම කරන්නද?
කවුරු මොනවා කිව්වත් ඔබගේ ගමන ඔබ යන්න.... සිංහලයන්ට නායකයෙක් අවශ්‍යයි. නමුත් ධම්මික පෙරේරා වගේ කෙනෙක් ගරු කරගෙන නිවැරදි ආර්ථීක ප්‍රතිපත්ති සකස් කරගන්න.
චෞර වලල්ලක ඉතිරි වී ඇති අවසාන පුරුක. පියාගේ අනුකාරකයෙක්.
ඡන්දෙ දෙන්නලු. ඔය මුණ බැලුවහම ඡන්දෙ නෙමෙයි දෙන්න හිතෙන්නේ හොඳට අත දිග ඇරලා හොම්බට දෙකක් දෙන්නයි හිතෙන්නේ. ගිහින් කියනවා මල්ලිට සුප්‍රීම් සැටලයිට් යවන්න කියල වච්චි කරගෙන ගිය ඩොලර් මිලියන 320 ඉක්මනට ලෑස්ති කරලා තියන්න කියලා ඡන්දෙන් පස්සේ ආපහු බාරදෙන්න. නැත්නම් ඔය පවුලේ මුලින්ම හිරගේ බලා යන ගමන අරබන්න වෙන්නේ එයාට කියලා.