( වයි.ඵ්.ඵස් වීරවංශ )
බලංගොඩ සමනල වැව වේල්ල අසල දිය නැමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇතැයි සමනල වැව පොලිසිය සදහන් කරයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව කොලින්ජාඩිය පදිංචි උඩගම මනන්නලාගේ කමල් ප්‍රසංග නැමැති 29 හැවිරිදි අයෙකි.
කොරියන් විභාගයට පෙනී සිට ඉන් සමත් වී සිය ගුරුවරයා සමග තරුණ පිරිසක් ඊයේ ( 4) දින සවස සමනල වැව වේල්ල අසල ඇති තටාකයේ දිය නැමට පැමිණි තිබේ.
එසේ දිය නාමින් සිටියදි එක් පුද්ගලයෙකු අතුරුදන් වි ඇති අතර පසුව සොයා බැලීමේදී ඔහුගේ සිරුර දිය යට තිබි හමුවි ඇතැයි සමනල වැව පොලිසිය සදහන් කරයි.
COMMENTS