IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හමාස් නායක නිවසේ බෝම්බ ඇටවූවාට 24 ක් අත්අඩංගුවට


(විමුක්ති එස් රුද්‍රිගු)

ඝාතනයට ලක්වූ හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ නැවතී සිටි නෙෂාට් ආගන්තුක නිවසේ බෝම්බ ඇටවීමේ සිදුවීමට සැකපිට 24 දෙනකුට වැඩි පිරිසක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ටෙහෙරාන් නුවර ඔහු නවාතැන්ගත් නෙෂාට් ආගන්තුක නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඉහළ පෙළේ ඉරාන බුද්ධි නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සිටින බව එම පුවත්පත සඳහන් කළේය.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය දැඩිව ආරක්ෂාව සැපයූ නෙෂාට් ගොඩනැගිල්ලට නවාතැන් ගැනීමට පැමිණි අමුත්තකු ඉරාන ජනපති දිවුරුම්දී පැය කීපයක් ගතවීමට මත්තෙන් ඝාතනයට ලක්වීම එරට ආරක්ෂක තත්වය දැඩිව උල්ලංඝනය වීමක් ලෙස ඉරාන රජය සලකන බවත් ඒ හේතුවෙන් ඉරානය මෙම සිදුවීමට දැඩිව ප්‍රතිචාර දක්වන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.

හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ පසුගිය බදාදා අලුයම 2 ට පමණ නෙෂාට් ගොඩනැගිල්ලේ ඔහු නැවැති සිටි ආගන්තුක නිවසට පැමිණි අවස්ථාවේදී බෝම්බයක් පිපිරීමෙන් ඝාතනයට ලක්විය.



අදහස් (2)

හමාස් නායක නිවසේ බෝම්බ ඇටවූවාට 24 ක් අත්අඩංගුවට

Gamma Saturday, 03 August 2024 08:52 PM

කලින් කිව්වා ගුවන් ප්‍රහාරයකින් කියලා....ඊට පස්සෙ කිව්වා මාස ගානකට කලින් කාමරයට සවිකරලා තිබිච්ච බෝම්බයක් remote control එකකින් ක්‍රියාත්මක කරලා කියන මතයක් ප්‍රකාශ කලා....දැන් IRGC එකෙන් කියනවා short range airborne projectile එකකින් ලු ඝාතනය කරලා තියෙන්නෙ.... හරියටම ගහපු විදිය Mozart එකෙන් කියන්නෙ නැති නිසා... අපිට සත්‍ය දැනගැනීමට තියෙන අයිතිය උල්ලංඝනය වෙනවා හොඳේ.

:       0       5

kasun Sunday, 04 August 2024 12:05 AM

හමාස් කියන්නේ ත්‍රස්ත සංවිධානයක් නේද ?ඉතින් මැරුවම මොකද මුන්ව

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site