
(යොහාන් භාසුර)
ඉතාම පහළ රැකියාව කරන පුරවැසියාගේ සිට ඉහළ යැයි පිළිගන්නා රැකියාව කරන පුරවැසියා දක්වා නීතිය සමව ක්‍රියාත්මක වන රටක් කළාකරුවන් බලාපොරොත්තු වන බවත් කළා නිර්මාණයකට වටිනාමක් දෙන යුගයක් බිහිකිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත් සමඟි ජන බලවේග කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය අද (1) පැවසුවාය.
සමඟි ජන බලවේග කලා සංගමය කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී දමිතා අබේරත්න මහත්මිය එසේ පැවසුවාය.
රටේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට වාසි ගෙන දෙන ආකාරයට බදු මුදල් අඩු කර අදූරදර්ශී පාලනයක් ගෙන ගොස් රටේ ආර්ථිකය විනාශ කළ බවත් ඉන්ධන, කිරිපිටි නොමැතිව පෝලිම් ඇතිව ආර්ථික බර කුස්සියේ ඉන්න මවට දරාගැනීමට නොහැකි වීම නිසා කළාකරුවන් ලෙස තමන් ඇතුළු පිරිසක් පාරට බැස්ස ජනතාව සමඟ අරගලයක් කළ බවත් ඇය පැවසුවාය.
මෙරට ආර්ථිකය ඝාතන කළ පුද්ගලයන් තව දුරටත් මෙරට පාලකයන් නොවිය යුතු බව කී අබේරත්න මහත්මිය මහ පාරේ පුරවැසියන් ඝාතනය කරන තත්වයකට රට අනාරක්‍ෂිත තත්වයට පත්ව ඇති බව ද සඳහන් කළාය.
තුවක්කු තියෙන්නේ වෙඩි තියන්න යැයි නීති හා සමය රකින ඉන්න අය ප්‍රසිද්ධයේ කියන තත්වයකට රට පත්ව ඇති බවත් මෙවැනි අවිනිශ්චිත තත්වයක රට පත්ව ඇති අවස්ථාවක රටට ආදරය කරන සංවේදී නායකයෙක් පත්කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය කීවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට හොරු රැළක් ආරක්‍ෂා කිරීමේ වගකීම භාරගනෙ ඇති බව ද දමිතා අබේරත්න මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.
මෙරට හෙනයක් සහ සාපයක් මැද සිටි කාලය අවසන් කළ යුතු බවත් රාජපක්‍ෂ සහ වික්‍රමසිංහ යුගයේ මෙරට පුරවැසියන් විදිය හැකි උපරිම දඩුවම් විද ඇති බවත් එහිදී සංගීත ශිල්පී පේෂල මනෝජ් මහතා පැවසීය.
හය වරක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් අලුත් යුගයක් ගැන කථා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මාර නම් එක්සත් ජාතික පක්‍ෂය බිංදුවට නොවැටෙන බවත් පේෂල මනෝජ් මහතා කීය.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පෝලිම් නැති කළාට මෝදි ජනපති කරන්න
S.B.Wellappili Thursday, 01 August 2024 10:58 PM
වාචාල කටක් තිබුනට පේසලට මොනවද කරන්න පුලුවන්
Bandara Thursday, 01 August 2024 11:28 PM
මොනවාද ඔයාලගේ සුදුසුකම්. ඛොරුවට කෑගහන්න කලින් නැතුව තමන්ගේ ප්‍රතිපත්තිය කියල ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙන්න.
රංබොඩ Friday, 02 August 2024 12:12 AM
මෙන්න බොලේ අර කලා කාරයෝ කියන N.G.O. නඩය ආයෙ බැහැලා. මොවුන් රටට ශාපයක්.
Nalaka Friday, 02 August 2024 06:49 AM
ආ කිනිතුල්ලෝ සෙට් එකක්නේ...
රෝයි ෆෙඩ්රික්ස් Friday, 02 August 2024 12:45 PM
දමිතා ඉල්ලන් කන්නද හදන්නේ? නීතිය හරියට ක්‍රියාත්මක වුනොත් ඉතිං කළ පව් වලට හිරුණිකා එක්ක හිරබත් කන්න වෙයි. බුදු අම්මෝ ඕන් නැති කතා කියන්න එපෝ...
kalum Friday, 02 August 2024 04:40 PM
කීයක්හරි හම්බකරගන්න ඇවිත්. තාම අර පින්ගොන් කියන කෙනා නෑ නේද?
Kahawita Monday, 05 August 2024 12:24 AM
මුඩුක්කුවක ඉඳලා ඇවිදින් තබ්ලා ගගහ හිටපු කෙනා යූ ටියුබ් වීරයෙක් වෙලා දැන් නිකන් ලොරි ටෝක් දෙන්නේ...