
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා අද (2) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවති මාධ්‍ය හමුවේදී මිලින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.
එම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර බහුතර ඡන්දයෙන් සම්මත කරගත් බවත් එම තීරණය වෙනස් කිරීමට නම් නැවත දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර ඡන්ද විමසීමක් කළ යුතු බවත් රාජපක්ෂ මහතා කීය.
එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ඉඟියක් හෝ මේ දක්වා ලැබී නොමැති බව කී මිලින්ද රාජපක්ෂ මහතා මහ ලේකම් තනතුර වෙනස් කිරීමට දේශපාලන මණ්ඩලයට නොහැකි මෙන්ම ඒ සඳහා විධායක කමිටුව රැස් විය යුතු බව ද සඳහන් කළේය.
කිසියම් හේතුවක් මත පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් නොමැති බවත් වර්තමානයේ මෙම උත්සාහය ද පක්ෂයේ සියලු දෙනාම රැකගැනීම බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කවුද, පොහොට්ටුවට ගිය කලක්.
රාජපක්ෂ පවුලේ ප්‍රශ්න තව දුරටත් රටේ ප්‍රශ්න නොවේ...
දැකලා වත් නැති පොහොට්ටුවෙක් ප්‍රකාශයක් දීලා….
තීරණය වෙනස් නොකරයි යන්න අපේ බලාපොරොත්තුවයි.
ආයෙත් නේවී කෑම්ප් එක පැත්තේ යමුද?
මෙයා නේද ඒ කාලේ ගෝටා ගැන ගල්පැලෙන්න බොරු කියලා මිනිහාවත් නන්නත්තාර කලේ
තමුන් වරදක් කරලා නැතිනම් මොකටද කවුරුවත් කාව හරි රකින්නේ?
මේ සැරේ ගෝඨාභය ගෙවනවා නම් රට බේරගන්න පුළුවන් වෙයි.
පොහොට්ටුව දැන් පරවෙලා? පෙති හැලිලා? පවුල් පාලනේ හොර දූෂිතයින් විතරයි... අන්තිමට ඉතුරු වෙන්නේ..?