
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන්ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා නම් කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවැසේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන 7 වැනිදා නිවේදනය කෙරෙන බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාකච්ඡා වට කිහිපයක් කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාවලින් අනතුරුව අපේක්ෂකයා තෝරා ගැනෙනු ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මීට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද නොවැළැක්විය හැකි කරුණු කිහිපයක් හේතුවෙන් එය කල් ගියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පසුගිය කාලයේදී සිවු දෙනකු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.
එහිදී වැඩි පිරිසකගේ කැමැත්ත පළවූයේ ද ව්‍යවසායක ධම්මික පෙරේරා මහතාටය.
මේ අතර ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පසුගිය 29 සඳුදා පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවට වෙලා තියෙන්නේ අර මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹූ නසී වගේ දෙයක්.....
ධම්මිකට දැන් පොහොට්ටුවේ ඉතුරු වෙලා තියෙන්නේ නැට්ට විතරයි නේ ... සොරිම තමයි .... නිකන් අපරාදේ සල්ලි
අපරාදේ වියදම් කරන සල්ලි.. කමක් නෑ ඕවා ඉතින් මොන සල්ලිද කියලා කවුද දන්නේ.. ඕයිට වඩා හොඳයි ඔය වියදම් කරන සල්ලි වලින් ගෙවල් දොරවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නා නම්
ඉතාම හොඳයි...!
පොහොට්ටුවත් බංකොලොත් වූ වගයි. දැනුමෙන් සන්නදධව පමණක් පෝසත් රටක් රටක් ගොඩනැගිය නොහැක.