
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ අනුග්‍රහය ලැබෙන හවුති, හමාස් සහ හිස්බුල්ලා සංවිධාන වලින් මෙන්ම ඉරානයෙන් එල්ල වන වෙනත් ඕනෑම තර්ජනයකින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව කැපවී සිටින බව ඇමෙරිකා ජනධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ පැවැති දුරකතන සංවාදයකදී ප්‍රකාශ කළ බව ධවල මන්දිරය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් ඊශ්‍රායලයට එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම දුරකතන සංවාදයේදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇති බවත් එහිදී ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමෙරිකානු හමුදා කණ්ඩ යෙදවීම පිළිබඳවද සාකච්ඡාවී ඇති බවත් ධවල මන්දිරය ප්‍රකාශ කළේය.
එසේම එම දුරකතන සංවාදයේදී ඊශ්‍රායල දේශසීමාවන්හි ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය අවම කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි ධවල මන්දිරය පැවැසුවේය.
මෙම දුරකතන සංවාදයට ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස්ද සහභාගී වී ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා හරියට කෙලින් හිටගන්න
එයා ඇදේට හරි ඉඳගෙන රට වෙනුවෙන් හරිදේ කරනවා
එයා ඇදේට හරි ඉඳගෙන රට වෙනුවෙන් හරිදේ කරනවා
මුස්ලිම් ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙම හරි ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද?
බයිඩන් කරන්නේ ලෝකයේ යුදගිනි ඇවිලවීමට උදව්කිරීමයි. ඒක නිසා මේ විනාශකාරී වැඩ පිළිවෙල නතර කිරීමට බලගතු සංවිධානයක මැදිහත්වීම අවශ්‍යයි.
ඔය වයසට ඔය හිටගැනිල්ල හොඳටම ඇති... තමුන්ගේ පුතාලාව රැකගන්නේ නැතිව රට ගැන හිතලා කමලාට දීලා අයින් වෙනවා. ආයුබෝවන් මිස්ටර් බයිඩන්...!
හිතාගෙන ඉන්නවාට වඩා ඔබතුමා වාඩිවෙලා හිටියොත් ඇඟට ගුණයි. නැතිනම් ඔබතුමා කොයි මොහොතක හරි බිමට වැටිලා ඔලුව තුවාල කරලා ගනීවි.
ලෝකයේ හැමතැනම යුද්ධ තිබ්බත් ඇමෙරිකාවේ සහාය අනිවාර්යයෙන්ම...