(සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

සිය හත්හැවිරිදි දියණිය අනතුරට පත් කර පළා ගිය ලොරි රථය පිටුපස හබා ගිය පියෙකු ලොරිය නවතා රියදුරු බස්සවාගැනීමට රියදුරු අසුන පැත්තේ වීදුරුවේ එල්ලීමේදී ලොරියේ රියදුරු රථය ඉදිරියට ධාවනය කර විදුලි කණුවක හප්පවා එම පියා මරණයට පත් කර ඇතැයි බලන්ගොඩ පොලීසිය කියයි.

බලන්ගොඩ  කහටපිටිය මාර්ගයේදි ඊයේ (01) මෙම අනතුර සිදු කර  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පල්ලෙබැද්ද,  අමිබැවිල  ප්‍රදේශයේ පදිංචිව සිටි  වයි.ඒ.   තිලිණ රංගලාල් නැමති  තිස්දෙක හැවිරිදි පියෙකු මෙලෙස මරණයට පත්ව  ඇතැයි පොලිසිය කියයි.

බල්ලෙකු  සපාකා සිටි සිය දියණියට  එන්නත් ලබා ගැනීමට පියා සහ මව  සමග යතුරු පැදියෙන් බලන්ගොඩ මුලික රෝහලට පැමිණ  එන්නත්  ලබා ගෙන  නැවත  අමිබැවිල ප්‍රදේශය දක්වා  යතුරු පැදියෙන්  ගමන් කර  තිබේ.

අනතුරුව යම් අවශ්‍යතාවකට බලන්ගොඩ  නගරයේ ප්‍රධාන  බස්  නැවතුම්පොළ හරහා  යතුරු  පැදිය ධාවන කර ඇති අතර එහිදී  පැමිණ  ලොරි  රථයක්   යතුරු පැදියේ හප්පා තිබෙන අතර එහිදී  සත් හැවිරිදි දැරියට  තුවාල  සිදු කර ලොරි රථය  පලා ගොස් ඇත.

දරුවා  බලන්ගොඩ  මුලික රෝහලට ඇතුළත්  කරන මෙන්  බිරිඳට  පවසා  පලාගිය  ලොරි රථය  පිටුපස යතුරු පැදියෙන් කිලෝමීටර් කිහිපයක්   ලුහුබැඳ ගොස් ලොරි  රථය  ඉදිරියෙන්  යතුරු පැදිය  නතර  කර රියදුරු අල්ලා  ගැනිම සදහා  ලොරි රථයේ රියදුරු අසන පැත්තේ ඇති   විදුරුවෙි  සහ  දොරේ   එල්ලි  ඇතැයි තොරතුරු අනාවරනය වී ඇති බව පොලීසිය කියයි.