
(අංජුල මහික වීරරත්න)
දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි "යාපනය - කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) එක් වෙමිනි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය.
ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.
යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.
යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ප්‍රංශ සංවර්ධන බැංකුවේ (AFD) ආධාර ඇතිව යාපනය-කිලිනොච්චි දිස්ත්‍රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (JKWSSP) දියත් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි.
මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී.මේ වන විට, උස් ජල ටැංකි විස්සක් (සංඛ්‍යා 20) ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.
මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්‍රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්‍රදානය කර තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහනායක බිබිලේ ගිහින් මෙහෙට වරායක් දෙනවා කියලා කිව්වා කියලා විහිළු කතාවක් අහලා තියෙනවා. ඒ වගේ කතා විශ්වාස කරන අය දැන් නැති බව දැනගත්තොත් හොඳයි...
දැන් කියනවා "උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වනවිට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය". මෙයා එදා ජපානයෙන් ඉල්ලා සිටියා ලංකාවට දෙන ආධාරය නවත්වන ලෙස. මේක දැන් රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීලාට අමතක වෙලාද? ඇයි එදා 2009 සිට බලයේ සිටි ආණ්ඩුවලට...? මෙයාම දැන් ඉල්ලන්න සහයෝගය දීලා මේ වැඩේ කරන්න බැරි වුනේ? මෙදා පාර ජනතාව නිසි උත්තර දේවි...!
මේ කියන ගංගාව හදන්න යන්නේ හොරකම් කරපු සල්ලි ආපසු ගෙනත්ද? නැතිනම් තවත් ණයක් අරන්ද?
ඔය කුලියාපිටියේ VW” කාර් හැදෙන කර්මාන්ත ශාලාව වගේ එකක් .ආදරණීය දමිල ජනතාවනි ඔය බොරු පොරොන්දු වලට රැවටෙන්න එපා
චන්ද ගුණ්ඩු නෙවේනේ. ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව මතක් උනේ මට විතරද ?
රනිල් මහතා කිසි දිනක නොකරන ප්‍රකාශයක් .බොරු වපුරන්න එපා.කවදාවත්
අහුවෙන්න නම් එපා... පිනාගේ බයිලා පොරොන්දු වලට, ඕවා පෙන්නලා ඡන්දේ අරන් දින්නාට පස්සේ කරන්නේ ලෝකේ වටේ එකඑක සමුළු වලට සහභාගි වෙමින් රවුම් ගහන එක විතරයි..
ගඟේ වතුර කෙසේ වෙතත් කොමිස් ටික නම් කොහාටද ගලන්නේ කියලා පින්තූරය දකිනකොටම හිතාගන්න පුළුවන්...
යාපනය ජනතාවට "කැරට් අලයක්" පෙන්නලා ඡන්ද ටිකට බැල්ම දානවා.
මොකද බැරි....? මහා භාණ්ඩාගාරයේ පතුලටම හිඳෙන්න ගංගාවක් හැදුවේ මුන්දෑ නේද?
යාපනයට ගංගාවක් දෙනවානම් අහවල් එකටද RO පවිත්‍රාගාර හදන්නේ, ඉස්සල්ලා ගඟ හදලා පස්සේ පවිත්‍රාගාරය හදපන්කෝ මෝඩ දේශපාලකයෝ. ඔය ව්‍යාපෘතිය ණය ගෙවන්නේ විවෘත කරන්න ආපු අයගෙ සල්ලි වලින්ද?
අනේ ඔය ගමන නුවර එළියට පොඩියට මුහුදකුත් දෙන්න බලන්නකෝ..!
මේ ඔක්කෝම ජන්ද ගුන්ඩු
මේ සැරේ නම් ඉර හඳත් ගෙනත් දෙනවා ෂුවර්...
කොතැනින්ද මචන් ගඟ කපන්න හොඳ? සිරිපාදේ ඉඳන්ම යාපනයෙන් මුහුදට වැටෙන්න ගෙනාවොත් නරකද? ඔයාලාට ඕනේ උදලු , සවල් මම දෙන්නම්...
ඡන්දෙ ලංවෙනකොට මතක්වෙන දේවල්...!
මෙයා දැන් දෙවියන්වහන්සේ කියලාද හිතාගෙන ඉන්නේ ? ගංගා මවන්න? 1 ආසනයක්වත් දිනන්න බැරි වුණු කෙනාව කව්ද ජනාධිපති කරවන්නේ?
අර ඡන්ද කාලෙට පමණක් මතුවෙන මන්නාරමේ තෙල් ළිං වලින් අපි පොහොසත් වෙන හැටිත් කියන්න.
මෙය පරන ව්‍යාපෘතියක් කියල.අධිවෙගී පාරවල් හදනකොට මහින්දට ඇඹුල් තියල් ගෙන්න කියපු උන්ගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.