(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල අඩු කළ බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි.

ඒ අනුව චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 35 කින් ද, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 22 කින් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 20 කින් ද, රතු කව්පි කිලෝවක මිල රුපියල් 10 කින් ද, කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6 කින් ද, දුඹුරු සීනි සහ රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 5 බැවින් ද,  සුදු සීනි කිලෝවක මිල රුපියල් 4 කින් ද, අඩු කළ බවත් සතොස පැවසීය.

ඒ අනුව අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 240 ක්, සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 998 ක්, ඉන්දීය ලොකු ලූණු කිලෝවක නව මිල 265 ක්, කීරි සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 254 ක්, දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 370 ක්, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 285 ක් සහ  සුදු සීනි කිලෝවක මිල රුපියල් 254 ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කරයි.