
(අංජුල මහික වීරරත්න)
පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis Guadeloupae) නැමැති විලෝපිකයා අඩංගු පැකට් ලක්ෂ 3ක් මෙම වසර තුළ බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
පොල් වගාවට සුදු මැස්සාගෙන් සිදුවන හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තාවන අතර බස්නාහිර පළාත හා තවත් ප්‍රදේශ කිහිපයක වර්ෂාව නිසා මෙම හානියේ යම් අවම වීමක් වාර්තාවී ඇත.
සුදුමැස්සා වැඩිපුර කහ පැහැයට ආකර්ෂණය වීමක් දක්නට ඇති බැවින් පොල් වගාවට වඩා තැඹිලි වගාවට විශාල හානියක් සිදු කරයි.
මේ වනවිට සුදුමැස්සාගේ හානියට ලක් වූ පොල් හා තැඹිලි ගස් 1,051,323කට මෙම ප්‍රතිකාරය ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වනසන වසංගත දේශපාලුවන් මට්ටුකරන්නත් ඔය වගේ මුකුත් නැද්ද?
විලෝපිතයාත් පොල් වගාවට වහ වැටිලා ඒ අයත් මහා විනාශයක් කරන්නට පටන් ගනීද දන්නේ නැහැ...?