(විමුක්ති එස් රුද්‍රිගු)

ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ට ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ කළ ආරාධනය ලෝන් මස්ක් පිළිගෙන ඇත. වෙනිසියුලාවේ මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට එල්ල වූ ප්‍රහාරය පසුපස ඊලෝන් මසක් සිටින බවට චෝදනා කරමින් මදුරෝ මෙම ආරාධනය කර තිබිණි.
සමාජ මාධ්‍ය සැබෑ නොවන යථාර්ථයක් නිර්මාණය කර පෙන්වන බවත් සමාජ මාධ්‍ය වෙනිසුලාවේ පරම හතුරාවන ඊලෝන් මස්ක් පාලනය කරන බවත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ චෝදනා කළේය. ඊලෝන් මස්ක් ඔබට සටන් කිරීමට අවශ්‍යද මම එයට සූදානම් වෙනිසියුලානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මම ඔබට බය නෑ ඊලෝන් කැමැති ඕනෑම තැනක අපි සටන් කරමු ජනාධිපති මදුරෝ පැවැසුවේය.
මදුරෝ විශාල ශරීරයක් තිබෙන පුද්ගලයෙක් ඔහු ආරාධනා කරන්නේ සැබෑ සටනකට විය යුතුයි. එම සටනින් මම දිනුවොත් මදුරෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. මදුරෝ දිනුවොත් ඔහුට අඟහරු ලෝකයට නොමිලේ සංචාරයක් ලබා දෙනවා. ඊලෝන් මසක් එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ආරාධනාවට පිළිතුරු දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා නිකං සමාජ මාධ්‍යවල හිට්ස් ගන්න කරන දෙකයිපනහේ වැඩ. බලාගෙන ගියාම අපේ යූටියුබ්කාරයෝ, ෆේස්බුක් පේජ්කාරයෝ වගේම හිට්ස්මේනියා (Hits-mania) රෝගයෙන් පෙලෙන අයනේ මෙයාලාත්. ඇඟෙන් ගහලා දිනලා මේ ලෝකෙ ප්‍රශ්න විසඳන්න පුළුව නෑ... ඔන්න පියුමි වගේ ලලනාවෝ නම් ඇඟ පාවිච්චි කරලා දිනයි (දැනටමත් දිනලාද දන්නේ නෑ මේ ඡන්ද කලබල අස්සේ)
මට නම් හිනා අනේ...!