
(රන්ජන් කටුගම්පොල)
රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය.
ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරේ බව කියමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමට නියම කරමින් එලෙස නොතීසි නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් රිය අනතුරක් කර තම සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ අනුව කුමන මොහොතක හෝ මෙම අපරාධය කිරීමේ හැකියාව ඇති බවත් මේ තත්වය යටතේ තම සේවාදායකයාගේ ජීවිතය අනතුරේ බවත් පැවැසීය.
තම සේවාදායකයාට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ආරක්ෂාව වැඩිකර ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් ලබන 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කරමින් නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට බාරදීමට පෙත්සම්කාර ශානි අබේසේකර මහතාට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානි අබේසේකර මේ උතුම් මිනිසාව ආරක්ෂා කිරීම මුලු රටේම වගකීමකි තම රාජකාරිය නිසිලෙස ඉටුකර රටට විශාල සේවයක් කළ උදාර මිනිසුන්
ත්‍රිවිධ හමුදාවල විශ්‍රාමිකයෝ ජනතාවට වගකිවයුතු පරිපාලන සේවයේ ඉහළම තනතුරුවලට හොඳ නෑ කියන එක ඇත්ත. ඔවුන් පලිගැනීමට කැමැති අණ දීමට පමණක්ම හැකි ප්‍රායෝගික සිවිල් පාලනය ගැන දැනුම නැති අය.. පේනවනේ කැළෑවැදි භාෂණය කරන්නා හැසිරෙන ආකාරය... මේ ජනරාලුත් පාසල් ශිෂ්‍යයකුට පහරදීම සම්බන්ධ සිද්ධියකට මැදිවුණා... එකල සිටි රජ පවුලේ පිහිටෙන් ඒක යටපත් වුණා....
බොරුවට උසාවි කාලය නාස්ති කරන එකට මෙම පැමිණිලි කරුටත් රුපියල් කෝටියක් පමණ දඩයක් ගැහුවා නම් තමයි හොදයි
බොරුවට කාලය නාස්ති කරනවා කියන්නෙ කොහොමද? මේ අයගෙ වැඩ කටයුතු බැලුවම. තාජුදීන්ල මරල රිය අනතුරක් කලේ මේ අයම තමයි. දැන් එන් පී පි එකට ගිය නිසා කොහොමත් තර්ජනය වැඩිය.
අන්තිමට වැරදි කරුවන් වැඩ කරන මිනිසුන්ට විරුද්ධව උසාවි යන කාලයක් උදා වෙලා
ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ආචාරය...!
විෂකුරු සර්ප විමානෙක ශානි අබේසේකර වැනි මිනිස්සුන්ට ජීවත් වීමට පහසු නැහැ...වන මුර්ගයින්ට ආලේ වඩන මිනිස්සු බහුතරයක් සිටින රටක මේ වගේ අවංක මහත්වරුන්ව ආරක්ෂා කර ගැනීම පහසු නැහැ....එක අතකට හිතෙනවා අපිත් සත්තු උනා නම්, ලංකාවේ ජීවත් වෙන්න කොච්චර පහසුද කියලා...