(රන්ජන් කටුගම්පොල)
රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය.
ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරේ බව කියමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමට නියම කරමින් එලෙස නොතීසි නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් රිය අනතුරක් කර තම සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ අනුව කුමන මොහොතක හෝ මෙම අපරාධය කිරීමේ හැකියාව ඇති බවත් මේ තත්වය යටතේ තම සේවාදායකයාගේ ජීවිතය අනතුරේ බවත් පැවැසීය.
තම සේවාදායකයාට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ආරක්ෂාව වැඩිකර ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් ලබන 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කරමින් නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට බාරදීමට පෙත්සම්කාර ශානි අබේසේකර මහතාට නියම කළේය.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශානිගේ පෙත්සමට කමල්,දේශබන්දු අධිකරණයට
දෙව්මින් පරනාන්දු Friday, 02 August 2024 06:36 AM
ශානි අබේසේකර මේ උතුම් මිනිසාව ආරක්ෂා කිරීම මුලු රටේම වගකීමකි තම රාජකාරිය නිසිලෙස ඉටුකර රටට විශාල සේවයක් කළ උදාර මිනිසුන්
Lalla Friday, 02 August 2024 07:42 AM
ත්‍රිවිධ හමුදාවල විශ්‍රාමිකයෝ ජනතාවට වගකිවයුතු පරිපාලන සේවයේ ඉහළම තනතුරුවලට හොඳ නෑ කියන එක ඇත්ත. ඔවුන් පලිගැනීමට කැමැති අණ දීමට පමණක්ම හැකි ප්‍රායෝගික සිවිල් පාලනය ගැන දැනුම නැති අය.. පේනවනේ කැළෑවැදි භාෂණය කරන්නා හැසිරෙන ආකාරය... මේ ජනරාලුත් පාසල් ශිෂ්‍යයකුට පහරදීම සම්බන්ධ සිද්ධියකට මැදිවුණා... එකල සිටි රජ පවුලේ පිහිටෙන් ඒක යටපත් වුණා....
සුරනිමල Friday, 02 August 2024 10:44 AM
බොරුවට උසාවි කාලය නාස්ති කරන එකට මෙම පැමිණිලි කරුටත් රුපියල් කෝටියක් පමණ දඩයක් ගැහුවා නම් තමයි හොදයි
සෙනෙවිරත්න Friday, 02 August 2024 10:52 AM
බොරුවට කාලය නාස්ති කරනවා කියන්නෙ කොහොමද? මේ අයගෙ වැඩ කටයුතු බැලුවම. තාජුදීන්ල මරල රිය අනතුරක් කලේ මේ අයම තමයි. දැන් එන් පී පි එකට ගිය නිසා කොහොමත් තර්ජනය වැඩිය.
රංබොඩ Friday, 02 August 2024 11:25 AM
අන්තිමට වැරදි කරුවන් වැඩ කරන මිනිසුන්ට විරුද්ධව උසාවි යන කාලයක් උදා වෙලා
Peter Perera Friday, 02 August 2024 12:49 PM
ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ආචාරය...!
බද්රානි Friday, 02 August 2024 03:32 PM
විෂකුරු සර්ප විමානෙක ශානි අබේසේකර වැනි මිනිස්සුන්ට ජීවත් වීමට පහසු නැහැ...වන මුර්ගයින්ට ආලේ වඩන මිනිස්සු බහුතරයක් සිටින රටක මේ වගේ අවංක මහත්වරුන්ව ආරක්ෂා කර ගැනීම පහසු නැහැ....එක අතකට හිතෙනවා අපිත් සත්තු උනා නම්, ලංකාවේ ජීවත් වෙන්න කොච්චර පහසුද කියලා...