මිනුවන්ගොඩින් උණ්ඩ-පතුරොම් සමඟ අයෙක් අල්ලයි මිනුවන්ගොඩ වෑලියේ සුරාජ් නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් ආයුධ තොගයක් සන්තකයේ තබාගෙන සිට බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 10 July 2024
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් මරුට උතුරු ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 18 දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි. 10 July 2024
ඩලස්ගේ සහායත් සමගි ජන බලවේගයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ. 10 July 2024
බස්නාහිර ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න යයි බස්නාහිර පළාත තුළ ධාවනය කරන කුලී ත්‍රී රෝද වල දැනට දෙවන කිලෝමීටර යට අයකරන ගාස්තුව රුපියල් දහයකින් ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත. 10 July 2024
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩ වෙයි දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) පස්වරුවේ පැවසීය. 10 July 2024
පියුමිගෙන් පෙත්සමක් කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් අද(10) ගොනු කළේය. 10 July 2024
පස්වරුවේ කොළඹ කොටුව සිට දුම්රිය 17ක් පිටපළාත්වලට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය මධ්‍යයේ අද (10) පස්වරුවේ කොළඹ කොටුව හා මරදාන සිට පිට පළාත්වලට දුම්රිය 17 ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය උසස් නිලධාරියකු පැවසීය. 10 July 2024
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ් අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අද (10) නියෝග කළාය. 10 July 2024
පෙරහර බලන්න ආ කතුන් දෙදෙනකුට සුද්දයක් දීලා මඩකලපුව සිට කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවන් දෙදෙනකුට කතරගම පූජා භූමියේ පිහිටි මුස්ලිම් පල්ලියේදී නාඳුනන පුද්ගලයකු කෝපි කෝප්පයක් පානය කිරීමටදී නින්ද යාමෙන් පසු මුදල් රන්බඩු පැහැර ගෙන ගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි. 10 July 2024
වාහන 700 ක් වරායේ හිරවෙලා කොළඹ වරායේ ඉහළ වටිනාකම් සහිත සුපෝපභෝගි වාහන හත්සීයක් පමණ තවමත් සිරවී ඇති බව සමග ජනබලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය 10 July 2024
’’අපිට කතා කරන්න වෙලා තියෙන්නේ බීරි ආණ්ඩුවකට’’ විපක්ෂයේ අපට කතා කරන්නට සිදු වී ඇත්තේ බීරි ආණ්ඩුවකට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 July 2024
‘ටැටු‘ හිමිකරු ඇතුළු හත්දෙනා අධිකරණයට අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියේය. 10 July 2024
පිළිකා ප්‍රතිකාර වලට දියුණු උපකරණ ගන්න යයි ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
නිවසක වටිනාකම තදින් දැනුනේ මගේ ගේ ගිනි තැබූ දවසේ මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය. 10 July 2024
දුම්රිය ස්ථානවලට යුද හමුදාව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන 45 කට යුද හමුදා භට පිරිස් යොදා ඇති බව යුද හමුදාව පවසයි. 10 July 2024
කඩුවෙලට විශේෂ ආරක්ෂාවක් ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් සැකකරුවන් ට ප්‍රතිවිරුද්ධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකයෙන් කඩුවෙල අධිකරණය ආසන්නයට හා අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 10 July 2024
වැඩබලන ජී.එම්.ආර්ට රියැදුරන්ගෙන් පිළිතුරක් උසස්වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 10 July 2024
නව ලංකා පෙරමුණෙන් ජනපති අපේක්ෂකයෙක් හොරුත් එක්ක යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් ලබන ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 July 2024
කොහොම ආවත් එකට තියලා පරද්දනවා එකට ආවත් වෙනම ආවත් ඔක්කොම එකට තබා පරද්දන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 July 2024
උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වෙති දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහයෝගය දක්වමින් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ. 10 July 2024
අතුරුගිරියේදී වෙඩි වැදුණු ටැටු හිමිකරුගේ බිරියගේ පෙනහැල්ලේ උණ්ඩයක් අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට ශල්‍යකර්මයක් සිදු කර මේ වන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු පැවසීය. 10 July 2024
දුම්රිය ගමන් වාර 23 ක් පමණයි දුම්රිය ස්ථානාධිපතිවරු සහ නියාමකයන් ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 100 කට ආසන්න සංඛ්‍යාවෙන් දුම්රිය 23 ක් පමණක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 July 2024
ජාතික පුස්තකාලයේ ගින්නක් ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය. 10 July 2024
කොල්ලුපිටියේ ඉඩමක් අවුරුදු 99 කට බදු දෙයි කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් ( පුද්ගලික) සමාගම වෙත නිවාස ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
විශ්‍රාම වැටුප් බැංකු වලට නිදහස් කළා රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ (9) බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය. 10 July 2024
අගමැති මෝදි වියානා නුවර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රියාවේ වියානා නුවරට පැමිණියේය. 10 July 2024
අද 12 ට කලින් නාවොත් හැමෝම ගෙදර අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසයි. 10 July 2024
ඉන්දියා-පකිස්ථාන හරක් ලංකාවට ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා එළදෙනුන් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර තිබේ 10 July 2024
සුව සැරියට අලුත් ගිලන් රථ 95ක් 1990 සුව සැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
පුළුවන් වෙලත් වැටුප් නොදෙන වතු මට්ටු කරන්න නීතියක් හැකියාව තිබියදීත් වතු කම්කරුවන් වෙත නියමිත වැටුප නොගෙවන ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රජය එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීම පිණිස අවශ්‍ය නීති පැනවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 10 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026