
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මාස වලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හමුවේ පැවසීය.
ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ජනාධිපතිවරයා සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී අද(2)පැවැත්විණි.
සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරිණි.
එමෙන්ම නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද අවධානය යොමු විය.
පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කළේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ඇතුළු නිලධාරීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩඩ්ලිට කිව්වට සත පහකට ගනන් ගත්තේ නෑ නේද? ඇයි එයාට ඔච්චර බය? දන්නේ නැති හින්දා අහන්නේ...
ලංකාවේ හාල් හිගයක් එනවා කිව්වේ 2020 ඉදන්, ලංකාවේ කෘෂිකර්මාන්තය තාම ප්‍රාථමිකයි, අල්ලපු රටේ ඉන්දීයාවේ මීට වඩා දියුණුයි. අක්කරකයට ලබා ගන්න අස්වැන්න ලංකාවේ වගේ 150-200% තරම් ඉහළයි. ලංකාවට වඩා කුඩා නෙදර්ලන්තයේ කෘෂිකර්මාන්ත ළගාකර ගත්ත තැන බලන්න. නේපාලයේ වගා කීරිමට ඇති සාරවත් පසත් සීමිතයි, හැබැයි ලංකාවට වඩා ටොන් මිලියන 2-3ක් වැඩිදුර නිෂ්පාදනය කරනවා. වගාකරන බිම් ප්‍රමාණයට වඩා වගාකරන බිම් ප්‍රමාණයෙන් ලබා ගන්න පුළුවන් ධාරිතාව ඉහල දාන්න ඕනේ. අනිත් දේ ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් 25-30% අපතේ යනවා.