IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වතුර හබයකට මුන්දලමේ පුංචි යුද්දයක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ ජනතාව එක්වි බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසමින් සිටියදී වතු හිමිකරුවකුගේ සේවකයන් හා ගම්වාසින් අතර ඇතිවන්නට ගිය ගැටුමක් වැලැක්විම සදහා එම ස්ථානයට ගිය මදුරන්කුලිය පොලිසියෙ නිළධාරීන් අහසට වෙඩි තැබිමට කටයුතු කිරීමත් සමග ගම්වාසින් හා පොලිසිය අතර උණුසුම් කාරි තත්වයක් හට ගත්තේය.

මහ වැසිත් සමග ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ නිවාස යටවි ජලය බැස නොයාම හේතුවෙන් ඉඩමක් මැදින් ජලය බැස යාමට වැසි තිබු පැරණි කානුවක් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කානුව කපමින් සිටියදී අදාල ඉඩමේ හිමිකරු ඔහුගේ සේවකයින් 20 කට ආසන්න පිරිසක් ට්‍රැක්ටර් තුනකින් යකඩ පොලු,කැති,හා ලී මුගුරු සමග පැමිණ ගම්වාසින් එළවා දැමිමට කටයුතු කර ඇති බව කියයි.

ඉන් පසුව මෙම කජුවත්ත හා පරිසාරිවත්ත ගම්මානවල ජනතාව සමග මෙම සේවකයන් අතර ඇති වන්නට ගිය ගැටුම වැලැක්විම උත්සහ කළ ද එය ව්‍යාර්තවිමත්  සමග පොලිසිය අහසට වෙඩි තබා ඇති බව කියයි.

කෙසේ නමුත් කජුවත්ත හා පරිසාරිවත්ත ගම්වාසින් මෙම සිද්දියෙන් පසු පොලිසියට දොස් තබමින් අදාල ඉඩම් හිමියාගේ මුදල් රැගෙන පොලිසිය තමන්ට වෙඩි තැබිමට කටයුතු කළ බව පවසමින් ආවේගශීලි ලෙස හැසිරි තිබේ.

එහිදි ගම්වාසින් කලහාකාරි ලෙස හැසිරි ඇති බව පොලිසිය කියයි.

වෙඩි තැබීමෙ සිද්ධිය මුල් කරගනිමින් ජනතාව අතර ඇති වූ නොසන්සුන් කාරී තත්වය   පාලනය කිරීමට පුත්තලම පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත මුන්දලම පොලිසියෙ නිළධාරීන් පිරිසක් වහාම අදාල ස්ථානයට යවා තත්වය පාලනය කිරීමට කටයුත කර තිබුනී.

ඒ සමග පුත්තලම පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත අදාල ගැටුමට මුල්වු ඉඩම් හිමියාගේ ට්‍රැක්ටර් රථ තුනක් ගම්මුන්ට පහර දීම සදහා සුදානමින් රැගෙන ආ යකඩ බට,කැති,ලි මුගුරු සහ මෙම පහර දීමට පැමිණි බව කියන වතු සේවකයන් පිරිසක් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනී.



අදහස් (1)

වතුර හබයකට මුන්දලමේ පුංචි යුද්දයක

බකල ජයා Monday, 02 December 2024 10:16 PM

ට්‍රැක්ටර්, ආයුධ, කම්කරුවෝ අත්අඩංගුවට ගත්ත. වතුහිමියා? රිමාන්ඩ් එකේ ඉඩ තියෙන්න නැතුව ඇති. පව්, පොඩි පොලිසිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site