
(සුනිල් ඒකනායක)
මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රෝහලේ මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගින් දෙදෙනකුගේ අතින් ඉකුත් දා ජනතා අයිතියට පත්කරනු ලැබිය.
රජයේ මහජන මුදල් වැය කරමින් ඉදිකරනු ලබන බොහෝ ගොඩනැගිලි මෙතෙක් දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළ යුගය නිමා කරමින් රුපියල් මිලියන 485 ක වියදමකින් යුතුව ඉදිකරන ලද එම වාට්ටු සංකීර්ණය ඉතා චාම් අයුරින් ජනතා අයිතියට පත් කළේය.
රෝගී ඇඳන් 167 කින් සමන්විත වාට්ටු හතරක් සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් ලෙස මෙම සිව් මහල් ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර සම්පුර්ණ චින රජයේ ප්‍රදානයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.
වසර දෙකකින් එහි කටයුතු නිම කිරිමට බලාපොරොත්තු වුවද පසුගිය වකවානුවේ අප රට මුහුණ දුන් මුල්‍ය අවපාතයත් සමඟ එහි වැඩකටයුතු අඩපණ වී තිබුණද මේ වන විට සියලූ කටයුතු අවසන් කිරිමට හැකි වී තිබෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කළින් නම් ආණ්ඩු වලින් හදපුවත් පස්සේ පත්වෙච්චි ආණ්ඩුවල අය ඇවිත් තමන්ගේ නම ගහලා ලොකු වියදමක් දරලා ඕපන් කළේ. සමහරු තමන්ගේ බූදලයෙන් හැදුවා වගේ විවෘත කළේ. මෝඩ මිනිස්සු ඒවා බලලා අප්පුඩි ගැහුවා.
ආයතනයක් දියුණු කරන්න කැපවෙන්නේ ආයතනයේ කාර්ය මණ්ඩලය... එමනිසා කාර්ය මණ්ඩලය විසින් විවෘත කිරීම හොඳ දෙයක්... පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කරන පොදු වැඩක් එම දානපතියා ලවා විවෘත කිරීම වඩාත් සුදුසුය...
එහෙම උත්සවයක්වත් අවශ්‍ය නැහැ නේද? දේශපාලකයෝ නැති නිසා දැන් නිලධාරින් බඩ පිනුම් ගහන්න අවශ්‍ය නැහැ.
ඒ වුණාට හරි නෑ. කැසිකිළි, වැසිකිළි විවෘත කරන ඒවට හිටපු අයට ආරාධනා කරලා, ඇතුලේ නම් ලොකුවට ගහන්න ඕනෑ. නම තියෙනවාට එතුමන්ලා හරි කැමැතියි...
නියමයි. අවම වියදමක් යන්න ඇත්තේ..
මට මතකයි ඉස්සර, මමත් රජයේ සේවකයෙක් හින්දා, ගොඩැනිල්ලට වියදම කෝටි 3යි නම් ඇමැතිගේ විවෘත කිරීමට ලක්ෂ 25ක් ගිය අවස්ථාවක්. කාගේ සල්ලි ද පුච්චන්නේ අපේ සල්ලි නේද? කුලී වැඩ කරන සුගත් අයියාගේ, වතුකරයේ තේ දළු කඩන සේල්වී අක්කාගේ බදු මුදල් නේද?
ආදර්ශය හොඳයි . නමුත් රාජ්‍ය වියදම් අඩු කෙරීමටත් වඩා කල යුත්තේ කාර්යක්ෂමතාව ඉහල දැමීම. රජය මේකටත් අත ගහයි. එදාට ඔය පැය 4 වැඩ කරන දොස්තරලා, බොරුවට OT දාන attendant ලා සහය දෙයි කියල අපි බලාගෙන ඉන්නවා.
මේවා වැලඳ ගත යුතු ආදර්ශ , නව රජයේ කටයුතු කරන විදිය දැක්කම ඇතිවෙන්නෙ ලොකු සතුටක්
අපි මිට පෙර දැක්කෙ බෙර ගහල නටල මල් මාල දාගෙන ,සුදු ඇදුමෙන් සර්වාංගය වහගත්ත තඩි බඩක් තියෙන පෙරේත නාම්බෙක්ව පිලි අරගෙන පිත්ත පටිය කපල ගොඩනැගිල්ල විවෘත කරන දර්ශන , අද එකේ අනිත් පැත්ත , බලන්නත් ලස්සනයි. තව එකක් ඔතන පලකයක් ගහයි හැට හුටාමාරක් නම් දාල උන්ගෙ අම්මගෙ අප්පගෙ බුදලෙන් ගොඩනැගිල්ල හැදුව වගේ . තව එකක් ගොඩනැගිල්ල හදන්න ගත්ත සල්ලි වලිනුත් ඕකුන් මාටිය ගහල
ජෙප්පොන්ගේ මාධ්‍ය සංදර්ශන
නියමයි. මෙන්න මෙහෙම තමයි වෙන්න ඕනෑ. පහුගිය ආණ්ඩු කාලේ රජයේ මුදල්වලින් හදලා එක එක දේශපාලුවන්ගේ නම දාගෙන විවෘත කිරීම් තමයි කළේ...
හොඳයි... බොහෝම ස්තූතියි. ඒවගේ වියදම අවම තීරණ ගත්තාට. චීන තානාපති තුමාව විශේෂ දැනුවත් කිරීමක් සහ රජයට විශේෂ ස්තුතියක් කරන්න ඇති කියලා හිතනවා...