(ගයාන් සූරියආරච්චි)
පාසල්වල සේවය කරනු ලබන සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට බදවා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී එකමුතුව අද (2) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපනය අමාත්‍යංශය අසලදී සිදුකළ විරෝධතාවයේදී පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලිසිය පියවර ගත් අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයකදී විරෝධතාකරුවෝ තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එහිදී පොලිස් නිලධාරීන් පිරිසකට ද තුවාල සිදුවී ඇති බව තලංගම පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගත්ත හතරදෙනාම චන්දෙ දුන්නේ කොහාටද කියලා ඇහුවොත් පුදුම වෙයි හොඳේ
අනේ මේ අනාගත ගුරුවරු නේද කියලා හිතෙන විට හිතේ ඇතිවන සන්තෝෂේ නිමක් නෑ