IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


නිහාල් යයි: මනතුංග එයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පත්කර ඇත.

ඒ මහතා මීට පෙර කන්තලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළේය.

2014 වර්ෂයේ ජනවාරි 01 වෙනි දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයට එක්වූ ඒ මහතා මහනුවර හා තිරිකුණාමලය පොලිස් කොට්ඨාසවලින් සේවය කර අනතුරුව මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද , පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන්ද , පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද රාජකාරී කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ප්‍රථම උපාධිය ලබා ගත් ඒ මහතා එම විශ්ව විද්‍යාලයේම විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරා ඇත.

ඊට අමතරව රුසියාව , කාමභෝජය තායිලන්තය හා පිලිපීනය පැවැත්වූ පාඨමාලාවලට සහභාගිවී ඒ ඒ රටවල පොලිස් රාජකාරී පිළිබඳ විෂය අවබෝධයක්ද ලබාගෙන ඇත.

---------------------------------

(ගයාන් සූරියආරච්චි, යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන්) 

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිවේදී කේ.බී මනතුංග මහතා පත් කර ඇත.

මනතුංග මහතා කන්තලේ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස මීට පෙර කටයුතු කළේය



අදහස් (3)

නිහාල් යයි: මනතුංග එයි

බකල ජයා Tuesday, 03 December 2024 10:21 AM

පොලිසිය කරන හැම දෙයක්ම හොඳයි කියන හිටපු මාධ්‍ය ප්‍රකාශක නැතිවීම ජාතියට විහිළු සපයන ව්‍යාපාරයට සිදුවූ ඉමහත් පාඩුවකි.

:       3       34

අරවින්ද මොනරවිල Tuesday, 03 December 2024 01:38 PM

තමන්ගේ වෘත්තීයේ ගෞරවයයත් රැකගෙන ජනතාවගේ විශ්වාසයයත් දිනාගෙන වැඩ කිරිමේ අභියෝග අවබෝධ කරගත හොත් ඔබ සාර්ථක වෙයි නැත්නම් අනිත් අයවගේම ඉතිහාසයේ කුණු බක්කියටම වැටෙයි.

:       2       8

රම්බොඩ Tuesday, 03 December 2024 02:15 PM

එන එන ආණ්ඩුව තමන්ට පක්ෂපාතී අයව ඒ ඒ තැන් වලට දාගන්නවා. මේ ආණ්ඩුව කියලා එතනදිනම් වෙනසක් පේන්න නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site