ඩයනාට නඩු පවරයි:චෝදනා කියවාදීමට දින දෙයි ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(11) නඩු පැවරීය. 11 July 2024
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි . 11 July 2024
පොලිසිය කළේ වැරැදි වැඩක් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන එක පොලිසිය මාධ්‍යයෙන් පෙන්නීම වැරදි බව සභානායක අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 July 2024
ලියාපදිංචි සමාගම් යළි ලියාපදිංචි කරන්න වෙයි සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස විශේෂ විධිවිධාන පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබිණි. 11 July 2024
’’රබර්’’ සේවකයෝ ස්ථිර වෙති අගලවත්ත රබර් පර්යේෂණායතනයේ වසර 10කට වැඩි කාලයක් වැඩ කළ සේවකයින් 47ක ගෙන් 30 දෙනකුගේ සේවය ස්ථිර කිරීමටත්, තවත් 17කගේ සේවය කොන්ත්‍රාත් පදනම යටතට පත් කර ඔවුන්ගේ සේවා විධිමත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 11 July 2024
’’එනවා ගහනවා යනවා: රටේ අද මිනීමැරුම් රජවෙලා’’ ’’එනවා ගහනවා යනවා. රටේ අද මිනීමැරුම් රජවෙලා’’ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 11 July 2024
ලලිත් - තිලක් සජබට සහය දෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව මීට සුළු මොහොතකට පෙර පැවසූහ. 11 July 2024
කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්‍රදේශයේ දී බෝ ගසක අත්තක් කඩා වැටීම නිසාවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාදා එල්ල වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 11 July 2024
’’සිසු සැරිය’’ සැරි සරන තැන් වැඩි කරයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සිසු සැරිය සේවා ව්‍යාපෘතිය පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 July 2024
දුම්රිය වර්ජනය දිගටම දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය. 11 July 2024
රාජගිරියේ වගුරක් නාගරික උයනක් වෙයි රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 July 2024
මිනිස්සු තලන පෙළන වෘත්තීය සමිති ලොක්කන්ට දඬුවම් කරන්න ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 July 2024
වතු පාසල් වලට සුහුරු පන්ති කාමර හැටක් නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 July 2024
කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට ස්ථිර සීමා මාලකයක් ඓතිහාසික කල්‍යාණී නදී උදකුක්ඛේප සීමාමාලකය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 11 July 2024
යුද සමයේ භූගත ආයුධ ගබඩාවක් කරදියනාරුවලින් හමුවෙයි යුද සමයේ භාවිතා කිරීම සදහා කොටි සංවිධානය වළ දමා තිබූ භු ගත යුද උපකරණ ගබඩාවකින් පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සොයාගෙන තිබේ. 11 July 2024
පොලිස් සැරයන් වෙඩි වැදී මරුට අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරිබාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි 11 July 2024
වැස්ස වැඩි වන ලකුණු ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 July 2024
පෙට්‍රල්- ඩීසල් වෙනුවට හරිත හයිඩ්රජන් භාවිත කරන්න යයි සංවර්ධනය උදෙසා හරිත හයිඩ්රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 July 2024
බසය පෙරැළි 40 ක් රෝහලේ නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථය මාර්ගය හරහා පෙරැලීමෙන් තුවාල ලැබූ හතලිස් දෙනකු නුවරඑළිය දිස්ත්රික්මහ රෝහලට ඇතුළු කළ බව නුවරඑළිය පොලිසිය පවසයි . 11 July 2024
බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මෛත්‍රීයයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව, ඔස්ටි්රයාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර, එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළේය. 11 July 2024
ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
ශ්‍රී ලංකා පොලිසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුමකට රාජ්‍ය ආයතන කීපයක් සමඟ ශ්‍රී ලංකා පොලිසිය අද(10)දා එකඟතා ගිවිසුමකට අත්සන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 10 July 2024
රට හරි පාරේ ගෙන යන්න ඉඩ නොදුන්නොත් යළි නැගිටීමක් නෑ රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 July 2024
නිතීවිරෝධිව රැගෙන ආ කහ සමඟ දෙන්නෙක් මාට්ටු කහ කිලෝ 1,373 ක ප්‍රමාණයක් පල්ලිවාසල්පාඩුව වෙරළ තිරයෙදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ නාවික හමුදාව විසින් අද (10) අත් අඩංගුවට ගෙන පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි. 10 July 2024
දුම්රියෙන් වැටී අයෙක් මරුට දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද(10) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි ඇතැයි පොලීසිය කියයි. 10 July 2024
රණවිරුවන්ට ‘විරුසර‘ වරප්‍රසාද කාඩ්පතක් රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදීම සදහා ‘විරුසර‘ නමින් වරප්‍රසාද කාඩ්පතක් හදුන්වා දී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය. 10 July 2024
දුම්රිය වර්ජනය නිසා වැඩිපුර බස් දුම්රිය වර්ජනය සිදුකළත් මගීන්ට එහි දුෂ්කරතාවය නොදැනෙන්නට අවශ්‍ය තරම් පෞද්ගලික බස් රථ යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 10 July 2024
මිනුවන්ගොඩින් උණ්ඩ-පතුරොම් සමඟ අයෙක් අල්ලයි මිනුවන්ගොඩ වෑලියේ සුරාජ් නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් ආයුධ තොගයක් සන්තකයේ තබාගෙන සිට බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 10 July 2024
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් මරුට උතුරු ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 18 දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි. 10 July 2024
ඩලස්ගේ සහායත් සමගි ජන බලවේගයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ. 10 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026