IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රාජකීය සිසුවා රූබික්වලින් ලෝක වාර්තාවක් තියයි

(තිලකරත්න දිසානායක)

රූබික් කියුබ් 1200 ක් භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට " චෝලන් " ලෝක වාර්තාවක් තැබීමට වයස අවුරුදු 11දරුවකු සමත්විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.ඩී.සස්නුල සෙහන්ස ලක්මාල් නමැති දරුවා විසින් අගල් 91 × අගල් 68 ප්‍රමාණයේ රාමුවක් භාවිතා කරමින් පැය 3 විනාඩි 13 තත්පර 7 ක කාලයක් තුල රුව නිර්මාණය කරමින් අද (3) මෙම වාර්තාව තැබීම සිදු කළේය.

යක්කල රණවිරු ඇපරල් ආයතනයේදී රුව නිර්මාණය කරමින් වාර්තාව තුබූ අතර යුරෝපය ඇතුලු ලෝකයේ රටවල් 26 ක නියෝජනය සහිත වන Cholan Book Of World Records (CBWR) සංවිධානයේ අධීක්‍ෂණය යටතේ මෙය සිදු කෙරිණි.

මෙවන් ලෝක වාර්තාවක් තැබීම සම්බන්ධයෙන් චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවෙහි සභාපති කපිතාන් ඉන්ද්‍රනාත් පෙරේරා මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ මෙම වයසේ දරුවෙකු විසින් රූබික් කියුබ් භාවිතා කරමින් විශාල ප්‍රමාණයේ රාමුවක් තුල මෙවන් නිර්මාණය කොට වාර්තාවක් තබා නැති බවය.

 



අදහස් (6)

රාජකීය සිසුවා රූබික්වලින් ලෝක වාර්තාවක් තියයි

පිටරැටියා Tuesday, 03 December 2024 05:17 PM

පුතාගේ දක්ෂතාවය අපි අගය කරනවා.මෙවැනි නිර්මාණ තව තවත් කරන්ට හැකිවේවා ..සුබම සුබ අනාගතයක් වේවා.

:       0       3

රුවන් Tuesday, 03 December 2024 06:38 PM

මම දන්න විදියට යුරෝපයේ වුනත් මේ දක්ෂතා දක්වන්නේ අවුරුදු 20-30 ලොකු අය. මේ ළමයා රටට සම්පතක්. තව තව නිර්මාණ කරන්න වගේම අධ්‍යයනයෙන් ඉහලට යන්න වාසනාව ධෛර්යය, ලැබෙවා කියලා.

:       0       2

Alfread Tuesday, 03 December 2024 06:58 PM

ඕවාට ඇප් තියෙනවා. ෆොටෝ එක දුන්නම හදන්න ඕන විදිය පෙන්නනවා.

:       2       0

fairoos Tuesday, 03 December 2024 07:08 PM

සුබ පැතුම්

:       0       3

Neel Tuesday, 03 December 2024 07:49 PM

පොඩි දරුවෝ පවා අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාට ආදරෙයි...

:       0       2

Hamid. Tuesday, 03 December 2024 10:23 PM

සතුටුයි..! නමුත් මීට වඩා අර්ථවත් දෙයක් කොට ලෝකවාර්තා තබන්නට අදිටන් කරගන්න. මම මගේ දරුවන් මෙවැනි දේවල් කිරීමට දිරිමත් නොකරමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site