
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය ආයතන වල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහන වල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත.
ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතන වල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ට වැඩි වාහන (ඩබල් කැබ් / සිංගල් කැබ්/ වෑන් රථ / බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් 2025-03-01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් විසින් අපහරණය කිරීමටත්, ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොස්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහා අදාළ වක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
620
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය
don Tuesday, 03 December 2024 06:06 PM
නියමයි... ඔය ආයතන වල ජනතාවට සේවය සපයන්න එන ලොක්කා එන්නේ වී 8 එකේ.. සල්ලි ගෙවලා වැඩේ කරගන්න එන මනුස්සයා ඉන්නේ බස් එකේ... ඉතින් බස් එකේ ඇවිත් සල්ලි ගෙන්නුවත් වී 8 එකෙන් එන ලොක්කා අර මනුස්සයාව ගනන් ගන්නේ නෑ... සළකන්නේ නෑ...