IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ ආදායම් - වියදම් 6 වැනිදාට පෙර භාරදෙන්න

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සහ අපේක්ෂකයන් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්තා මෙම මස 6 වැනිදා හෝ ඊට පෙර භාරදිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මෙමමස 6 වැනිදා රාත්‍රී 12.00ට පෙර හෝ ඊට පෙර එම වාර්තා වෙන් වෙන්ව සකස් කර තරග කළ දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන්ට භාරදිය යුතු බවත් ජාතික ලැයිස්තු අපේක්ෂකයින් ඔවුන්ගේ ආදායම් සහ වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලයට භාරදිය යුතු බවත් මැතිවරණ කොමිසම සඳහන් කළේය.

අපේක්ෂකයින්ට, අපේක්ෂකයින් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරුන්ට, ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට හැකිවන පරිදි සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 6.00 දක්වා කාර්යාල විවෘතව තබන බව කියන එම කොමිෂම මෙම මස 6 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා භාරගැනීමේ විශේෂ ඒකක විවෘතව තබන බව ද සඳහන් කළේය.  

එදින හෝ එදිනට පෙර අදාළ වාර්තා භාරනොදීම මැතිවරණ විදයම් නියාමනය කිරීමේ පනත යටතේ වරදක් වන බැවින් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (0)

මැතිවරණ ආදායම් - වියදම් 6 වැනිදාට පෙර භාරදෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site