IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වීසා නැතිව ලංකාවේ සිටි විදේශිකයෝ 8ක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)                     

ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා නොමැතිව නුවරඑලිය දේවස්ථානයක රැදි සිටි ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

නුවරඑලිය පොලිසියට ලද තොරතුරක් මත එම පල්ලියට ගොස් ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂා කර බැලිමේදි ඔවුන් සංචාරක වීසා මත මිට මාස දෙකකට ප්‍රථම දිවයිනට පැමිණ ඇති බව හෙළිව තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔවුන් සන්තකයේ ගුවන් ගමන් බලපත්‍රය හෝ වීසා නොතිබුණු බවත්, වීසා කල් ඉකුත් වි ඇති නිසා වීසා අලුත් කිරිමට සියළු ලියකියවිලි මෙරට තම තනාපති කාර්යාලය වෙත භාරදුන් බව සැකකරුවන් පවසා සිටි බව පොලිස් නිලධාරින් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා නුවරඑලිය ප්‍රදේශයට පැමිණිමට ප්‍රථම හැටන් සහ නාවලපිටිය ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.

අවු 25-65 අතර වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් සමග තවත් 191 දෙනෙකු මෙරට පැමිණ ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය සදහා යොමු වි ඇති බවට සැකකරුවන් පවසා ඇත.

 

 



අදහස් (4)

වීසා නැතිව ලංකාවේ සිටි විදේශිකයෝ 8ක් අත්අඩංගුවට

Indhika Tuesday, 03 December 2024 10:10 AM

අමූලික බොරුවක් එයාල කියන්නේ. අපේ රටේ තියෙන එයාලගේ තානාතිපති කාර්යාලයෙන් කොහොමද අපේ රටේ වීසා අලුත් කරන්නේ. එයාල යන්න ඕනේ ආගමන විගමන එකටනේ.

:       1       20

nimal Tuesday, 03 December 2024 11:01 AM

ඔවුන් සියලු දෙනා වහාම පිටුවහල් කරන්න. ඔවුන් සංචාරයක් සඳහා පැමිණෙන්නේ නම් ඔවුන් මුස්ලිම් පල්ලියක් තුළ රැඳී සිටින්නේ ඇයි? මෙතැන මොකක් හරි වෙනවා. ඔවුන් ඔවුන් වන අතර විශ්වාස කරන්නේ නැත. පූර්ණ පරීක්ෂණයක් කරන්න. එයාලා මොකක් හරි ප්ලෑන් කරනවා. එයාලා කියන්නේ බොරු...

:       0       0

nimal Tuesday, 03 December 2024 12:12 PM

ඔවුන් සියලු දෙනා වහාම පිටුවහල් කරන්න. ඔවුන් සංචාරයක් සඳහා පැමිණෙන්නේ නම් ඔවුන් මුස්ලිම් පල්ලියක් තුළ රැඳී සිටින්නේ ඇයි? මෙතන මොකක් හරි වෙනවා. ඔවුන් ඔවුන්වම අතර විශ්වාස කරන්නේ නැත. පූර්ණ පරීක්ෂණයක් කරන්න. එයාලා මොකක් හරි ප්ලෑන් කරනවා. එයාලා කියන්නේ බොරු.

:       0       10

රුවන් Tuesday, 03 December 2024 02:44 PM

ඉන්දුනීසියාව කියන්නේ ඇෆ්ගනිස්ථානය වගේ ත්‍රස්තවාදීන් බහුලව ඉන්න රටක්, පිටුවහල් කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. නැත්තං මේ අය හින්දා ලංකාවේ ඉන්න මුස්ලිම් ප්‍රජාවට විශ්වාස බිඳින වැඩක් මේක. අන්තිමට වැරැද්ද ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ගේ පිටින් යන්නේ. මේ අය තමයි ආගම්වාදී අදහස් පතුරවන NGO කාරයෝ. මම අහලා තියෙන විදියට ඉන්දුනීසියාවේ මිනිස්සු මැලේසියාවටවත් වද්ද ගන්නේ නෑලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site