
(ටී.කේ.ජී.කපිල )
මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක අද(03) කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු දෙහිවල , කලුබෝවිල ප්‍රදේශයේ පදිංචි , මොහොමඩ් ජාසින් නවාෂ් නැමැති 34 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකි . ඔහු නිතර ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය සදහා සහභාගී වන පුද්ගලයෙකි .
" Brand Tumi " වර්ගයට අයත් මෙම ගමන් මල්ල පමණක් රුපියල් ලක්ෂ 06 ක් පමණ වටිනා එකක් වන අතර , එහි මෙම ව්‍යාපාරිකයාට අයත් මැණික් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ලේඛන , හිස් මැණික් ඇසුරුම් පෙට්ටි , ව්‍යාපාරිකයාගේ ඇදුම් පැළදුම් , සුවදවිළවුන් ඇතුළු තවත් වටිනා භාණ්ඩ රාශියක් තිබී ඇත .
ඔහු ඉකුත් 28 දින අලුයම 03.00 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 632 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය හෙම්මාතගම , පෙතිගම්මන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ගෘහ සේවිකාවක වන අතර , ඇය ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය සොයා ගිය ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් , ඇයගේ නිවසෙහි තිබී රුපියල් එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා භාණ්ඩ තොගයක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යාපාරිකයාගේ ලක්ෂ 13ක බෑගය සොරාගත් ගෘහ සේවිකාව මාට්ටු