
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
‘ඇමතිවරු, මන්ත්‍රිවරුන් එනවා කියලා මින් පස්සේ කිසිම රැස්විමකට අනවශ්‍ය වියදමක් කරන්න ඒපා. මගේ සියලුම උත්සව වල වියදම අඩු කරන එක ගැන ආයතන දැනුවත් කරන්න සුදානමින් ඉන්නේ. අපිට වි.අයි.පී.පුටු ගෙන්න ඒපා අනිත් අය වාගේ අපිටත් ප්ලාස්ටික් පුටුවක ඉදගන්න පුළුවන් අය’ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමති චන්දන අබේරත්න මහතා පැවසිය.
ඇමතිවරයා මේ බව පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය වෙනුවෙන් ආණමඩුව සුදම්පාය ශාලාවේ සංවිධානය කර තිබු රැස්විමකට එක්වෙමිනි.
වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසුරීය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රාජ්‍ය සාහිත්‍ය උත්සවය පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා ඇතුළු පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කර තිබුනී.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා අපිට මේ ආණමඩුව නුහුරු තැනක් නොවේයි.මේ ගහ කොළ වැව් අතීතයෙ සුන්දර තැනක්.ඒ නිසා ඒ පරිසරයෙ හැදි අපි කොච්චර ඉහල තනතුරු වලට ගියත් අපි හිටපු අතීතය අපිට අමතක කරන්න බැහැ.
ඒ නිසා අපිට ඕනෑම දෙයක් උත්සව වලට අනවශ්‍ය වියදම් කර ලොකුවට කරලා මුදල් නාස්ති කරන්න මම කැමති නැහැ.මම ඉදිරියෙදී සියලු ආයතන දැනුවත් කරනවා මම සහභාගි වන කිසිම උත්සවයක් සදහා කිසිදු ආකාරයෙ අනවශ්‍ය වියදම් කරන්න ඒපා කියලා.
මෙම සාහිත්‍ය උලේලේදී පුත්තලම දිස්ත්‍රික්කයෙ රේක්ස් හැරිසන්,විලමසේන නම්මුනී.පද්මා කුමාරි ,ප්‍රනාන්දු පුල්ලේ යන මාධ්‍යවේදින් සිව් දෙනෙකු ඇතුළු විවිධ කේෂත්‍ර වල දක්ෂතා දැක්වු 11 දෙනෙකුට කලාදීනි සම්මානය පිරිනැමිම සිදුවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නික්න විකාර ඕන නැහැ ඇමතිතුමා. පොල් ගෙඩිය 200 ගිහිල්ලා, හාල් නැහැ, ගෑස් නැහැ බඩු මිල නැඟලා. ඕවට විසඳුම් හොයන්න ඉක්මනටම. මොකද ඔයාලා කිව්වේ ආපු ගමන්ම අපිට සෑහෙන දේවල් දෙනවා කියලා.
පොල් සහ සහල්වලට වෙච්ච දේ නොදැන ආණ්ඩුවට දොස් කියන එක වැරදියි. ගෑස් නැත්නම් වෙන කඩයකට යන්න එතන ඇති, ගෑස් හිඟයක් නැහැ. ප්‍රභූවරුන්ට පුටු තියපු උන්ට මේ පෙරළිය දිරවන්නෙ නැහැ. ඒක ජානගත නිවටකම.
බොරු සෝබන වැඩ කරන්න ඵපා.. රටට වැඩකරන්න ඕවා ඔක්කොම මරිසි වැඩ. මිනිස්සු ගොනාට අන්දන්න ඵපා. මේ සමහර කමෙන්ට්ස් වලින් පේනවා සමහරක් හොඳට රෙදි අපුල්ලනවා කියලා...!
ක්‍රමය හොඳයි.. මුදල් ඉතිරි කරනවා නම්... නමුත් එහි ප්‍රගති වාර්තාවත් අවශ්‍යයි. ඉතිරි කාරණා ලද මුදල කොපමණද කියලා..?
තමන් කැමැති පක්ෂය වෙනයි, දැන් ඔක්කෝම එකතු වෙලා රට දියුණු කරමු. අපිට පක්ෂ කන්නද?
පුටු නැතිනම් බිම වාඩි වෙන්න. මේවා නෙමෙයි රැට්ටා ඕන මේ වෙලාවට
සෙනෙවිරත්න රෙදිසෝදන මැෂිම බරටම වැඩ . දැන් කඩේ යන බූරුවෝ කවි ලිය ලියා ඉන්නකෝ . අන්න රුපියල් දෙකකිනුත් අඩුකරලා දැවැන්ත සහනයක් දුන්නා නේ