
(රංජිත් රාජපක්ෂ)
නව රජය යටතේ අස්වැසුම් දෙවන අදිරයේ අයදුම්පත් ලබා ගැනිමට සදහා නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටි විශාල පිරිසක් අද (02) රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි.
සති අන්ත නිවාඩුවෙන් පසු (02) දින කාර්යාල විවෘත කිරිමත් සමග විශාල පිරිසක් එකවරම මෙසේ පැමිණ ඇති බවත්, අයදුම්පත් නිකුත් කිරිම සදහා ඉකුත් මස (29) දින අංක ලබා දි ඇති නමුත් එය නොතකා විශාල පිරිසක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින බවයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල අයදුම්පත් ලබා ගැනිමට විශාල පිරිසක් රැස්විම හේතුවෙන් එම කාර්යාලයෙන් අනෙකුත් සේවාවන් සිදු කර ගැනිමට පැමිණ සිටි අනෙකුත් සේවාලාභින් දැඩි අසිරුතාවයට පත්ව සිටිහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආණ්ඩුව වුවත් පිනට සල්ලි දෙන එක නවත්වන්න ඕන. ස්වයං රැකියා ක්ෂේත්රය දියුණු කරලා සියලු දෙනාට ආදායම් හොයන ක්‍රමයක් ඇති කරන්න . වෘත්තීය අධ්‍යාපනයට හැකි තරම් යොමු කරන්න.
ඉස්කෝලෙ යන පොඩි අය ඉන්න තැන්වලට දෙන්න ඕනෑ අනිවාර්යයෙන්...!
ඔව් ඒක ඇත්ත, ලැබෙන කෙනාට ලැබෙනවා.. නැති කෙනාට නැහැ ස්වයං රැකියා කරන අයට මුදලක් හරි ලැබෙනවා. 70ට වැඩි අයට දුන්නාට කමක් නැහැ වයසක කට්ටිය නිසා...!
අපේ ඔෆිස් එකේ ඉන්න සිකියුරිටි මනුස්සයත් ගියා අස්වැසුමේ ෆොම් එක ගන්න, ළමයි දෙන්නම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇත්තටම සල්ලි තියෙන උන් තමයි වැඩිපුරම පිං පඩි ගන්නේ. දුප්පත් මිනිස්සුන්ට ඇත්තටම නෑ.