
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීම සඳහා කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර ඇත.
ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීම, මදුරු කීට බෝවීම මර්දනය කිරීම සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබා සහාය ලබා ගැනීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහත්වරුන් (Andres Marcelo Gonzales Gorrido) අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ හමුවක දී මෙම කරුණු අනාවරණය විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර,මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ ද?
ඩෙංගු සඳහා තුරන් කිරීමට ප්‍රධාන උපාය මාර්ගය බෝවන ස්ථාන තුරන් කිරීමයි. මේ සඳහා අපේ රටේ විෂය දැනුම තියෙන අය නොමැතිද?
pj හිතන්නේ සල්ලි වලට කියලා, සල්ලි වලට වුණත් කමක් නෑ. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න කාලේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ආවා නොමිලේ ව්‍යාප්තිය කරන්න. ලංකාවේ රජය අකැමැති වුණා, පස්සේ ආරංචි ආවේ මදුරුකොයිල් සමාගම් එක්ක රජය ඩීල් ගියා කියලා, ඇත්තද බොරුද දන්නේ නෑ හැබැයි ව්‍යාපෘතිය නැවතුණා. මහින්ද කාලෙත් ව්‍යාපෘතිය නැවතුණා. මගේ අයියත් නැති වුනේ ඩෙංගු හින්දා රජය වගකියන්න ඕනේ මේ දෙවල් වලට. මේ රජය ඩෙංගු රටෙන් තුරන් කරොත් ඒ පිනම ඇති...