සමරිසි පනතට මහා නා හිමි අප්‍රසාදය සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළහ. 24 July 2024
’’පාර්ලිමේන්තුවේ බලහත්කාරය’’ එළිදකියි ජනාධිපති මාධ්‍ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්යක්ෂ නදීරා මඩුගල්ල ලියූ ’’පාර්ලිමේන්තුවේ බලහත්කාරය - පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු’’ කෘතිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. 24 July 2024
’’ X ban - 2024 ජනපති සුරතින් විවෘත වෙයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ’’ X ban - 2024 ප්‍රදර්ශනය ඊයේ (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුනු අතර මෙම මස 28 වෙනි දින දක්වා මෙය පැවැත්වෙනු ඇත. 24 July 2024
ජනපති සටනට පෙරටුගාමීන් සූදානමින් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අනිවාර්යයෙන්ම තරඟ කරන බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජිකා සුරේඛා සමරසේන ලංකාදීපයට පැවසුවාය. 24 July 2024
ජනපති ළඟට යන්න ඉන්න සජබ දෙන්නා නම් කරයි රනිල්ගේ ළඟට සමගි ජන බලවේගයෙන් කවුරුන් හෝ යනවා නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2024
මුදවන ලද රබර් කිරි - ෂීට් ගේන්න අවසර තාවකාලික ආනයන හා අපනයන යෝජනා ක්‍රමය යටතේ මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 July 2024
මුලතිව් වෙඩි තැබීමක් මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී අද (24) කිසියම් නාඳුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවට මුලතිව් පොලීසිය පවසයි. 24 July 2024
සෙනසුරු අද රෑ අතුරුදන් වෙනවා සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ලස්සනම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වෙයි. 24 July 2024
බඹරු වැසූ මඩිතියවල ප්‍රාථමිකයේ පන්ති තුනක් භාවනා මධ්‍යස්ථානයක බඹරු ඇවිස්සීමෙන් වසා දැමූ මඩිතියවල ප්‍රාථමික විදුහලේ එක, දෙක ,තුන ,ශ්‍රේණි අද ( 24 ) වත්තෙමුල්ල ශාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට පියවර ගෙන තිබිණි. 24 July 2024
පොලිස්පති පත් කළේ වැරැදි පාරෙන් කතානායකවරයා යැවූ විකෘති ලියුමකට ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 24 July 2024
ග්‍රාම නිලධාරී අල්ලස් දැලේ පදිංචි සහතිකයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 40000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වෙලවීදිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවරයා මෝදර මහල් නිවාස සංකීර්ණයක පිහිටිග්රාම නිලධාරී කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 24 July 2024
නේපාල ගුවන් යානයක් අනතුරේ නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල දී කුඩා මගී ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. ඒ, යානය ගුවන්ගත වීමට සූදානම් වෙද්දීය. යානයේ සිටි සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. 24 July 2024
පළතුරු රජුට වලස්මුල්ලේ ගම් හතරක් දෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කලාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 24 July 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 July 2024
කටුනායක ඉංජිනේරු ඩිප්ලෝමාව උපාධියක් කරයි කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා,උපාධි පාඨමාලා තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 July 2024
සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාවෙි සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 July 2024
‘චන්දිපුර’ 36 ක් බිලිගනී ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ පැතිරෙන ‘චන්දිපුර’ වයිරසය හේතුවෙන් 36 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියගිය එම 36 දෙනාගෙන් 15 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි. 24 July 2024
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 24 July 2024
ගෝලීය පරිසර පහසුකමින් ලංකාවට ඩොලර් මිලියන 1.23ක් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා පිළියෙල කිරීම සඳහා ලැබෙන ඩොලර් මිලියන 1.23ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 24 July 2024
කොළඹ සරසවි වෙද සිසුවියන්ට ඉන්න තැනක් ලැබෙයි දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත ඉඩම් කොටසක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 July 2024
පොලිස්පති දේශබන්දුට ධූරය වළක්වමින් අතුරු තහනමක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරය දැරීම බලතල භාවිතය සහ එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. 24 July 2024
ඉතියෝපියාවේ 232 ක් පණ පිටින් වැළලෙති අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිදුවුණු නායයෑම් දෙකකින්, දෙසිය තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. නායයෑම් හටගත්තේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි. 24 July 2024
කෝටි දෙකහමාරක හෙරොයින් වතුර ටැංකියක වතුර ටැංකියක සඟවා තිබූ දෙකෝටි දාහතර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේදී සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 24 July 2024
රිය අනතුරින් එක් අයකු මරුට:තිදෙනකුට තුවාල හම්බන්තොට සූරිය වැව අඩි 100 මාර්ගයේ වියළි කලාපීය උද්භිත උද්‍යානය අසලදී සිව් දෙනකු ගමන් කොට ඇති යතුරුපැදියක් හා නාවික හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ එක් අයකු මියගොස් අනෙක් තිදෙනා තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි. 24 July 2024
අදත් තැනින් තැන වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 July 2024
කුරුණෑගල පිරමීඩ සිද්ධියට තුනක් රිමාන්ඩ් ජනතා මුදල් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්’’ (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 24 July 2024
පිහියක් රැගෙන පොලිසියට පාට් දමා කූඩුවේ ලගී කොළඹ ගෑන්ඩ්පාස් ස්ටේට් පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා ගැනීමට පොලිස් නිලධාරීන්ට පිහියක් අමෝරා ආ සැකකරු රැගෙන යාමට උත්සාහ කළ පුද්ගයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 24 July 2024
ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් දෙකක් සැකපිට අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා ඊයේ (22) රාත්‍රි අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 24 July 2024
බසවක්කුලව වැව් බැම්ම කාපට් කිරීම නවතයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වැව ලෙස සැලකෙන ඉතා වටිනා පෞරාණික වටිනාකමක් සහිත බසවක්කුලම වැවේ (අභය වැව ) පෞරාණිකත්වය විනාශ කරමින්, වැව් බැම්ම අවසරයකින් තොරව කාපට් අතුරා සැකසීමට කටයුතු කිරීමට ගත් උත්සහාය වාරිමාර්ග දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක වී එය නවතා දමන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ. 24 July 2024
හෙද හෙදි හිගයෙන් මාතලේ රෝහල හාන්සියි මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදි කාර්ය මණ්ඩලයේ උග්‍ර හිඟය හේතුවෙන් එහි සේවා රැසක් අඩපණවිමේ අවදානමක් මතුවී වි ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය. 23 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026