IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි

(රංජන් කස්තුරි)

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු සියයට 11 ත් 23 ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස වීඇත.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු අඩුකළ නොහැකි බවට වන යෝජනාවට පිළිතුරක් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු සියට 11 ත් 23 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවට වන ප්‍රතියෝජනාවක් අද (17 ) මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

ඒ අනුව විචාරකයන් පවසන්නේ විදුලි ගාස්තුව සම්බන්ධයෙන් වගකිවයුතු ඉහළම ආයතන දෙක වන ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතරේ මත ගැටුමක් නි ර් මාණය වී තිබෙන බවය.

 



අදහස් (3)

විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි

ranjith Tuesday, 17 December 2024 07:39 AM

මහජනතාව පීඩනයකට පත්වෙලා ඉන්න වෙලාවේ අපි බලමු රජය ගන්නේ කොයි පැත්තේද කියලා...!

:       0       0

Nishan Tuesday, 17 December 2024 09:53 AM

ආයෙත් මේසෙට ගහන නාටකයක් එන්නයි වගේ හදන්නේ. කෝකටත් කුප්පි ලාම්පු ටිකක් ලෑස්ති කර ගත්තොත් නම් හොඳයි.

:       0       1

ජයනාත් Tuesday, 17 December 2024 09:58 AM

මහජන උපයෝගිතා කොමිසමත් ආණ්ඩුවත් එකතු වෙලා තීරණය කරන්න පුළුවන්නේ ඕක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site