දරුවන් තිදෙනා මුදල් හා රන් භාණ්ඩ අහුලා හිමිකාරියට දීලා මහ මඟ වැටී තිබූ මුදල් පසුම්බියක සහිත රන් භාණ්ඩ කීපයක් අහුලා හිමිකාරියට ලබාදීමට මහනුවර මැණික්හින්න මහා විද්‍යාලයේ දරුවන් දෙදෙනකු කටයුතු කර ඇත. 23 July 2024
අනුලා දේවි චෛත්‍යෙය් කැනීම් වෙනත් පාර්ශවයකට දීලා මිහින්තලේ අනුලා සෑයේ කැනීම් කටයුතු සිදුකිරීම සඳහා මල්වතු මහනාහිමියන් දැනුවත් නොකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනත් පාර්ශවයක් සමග ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් මිහින්තලා රජ රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ දැඩි විරෝධයක් එල්ල කරති. 23 July 2024
පොහොට්ටුව දෙදරයි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධි මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ. 23 July 2024
නැටුම් ගුරාට වැඩ වරදියි පැලවත්ත ප්‍රදේශයේ රජයේ ආයතනයක කාමරයක් තුල දී තම16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයෙකු අද (23) දින සැකපිට අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 23 July 2024
මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වීමට නියමිතය. 23 July 2024
ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය මේ වනවිට බලාත්මකව පවතින මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. 23 July 2024
ල.වි.බ.ම. අතිරේක සමාන්‍යාධිකාරි ධූරය අත්හිටුවමින් අතුරු තහනමක් ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 23 July 2024
පාවහන් අනයනය කරන මුවාවෙන් දුම්වැටි-මත්පැන් හොරෙන් ගෙන්නලා පාවහන් ආනයනය කරන මුවාවෙන් පාවහන් තොග වල සඟවා දුම් වැටි සහ මත්පැන් හොරෙන් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කාලයක සිට ක්‍රියාත්මක වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. 23 July 2024
සිවිල් නඩු විධාන පනත සම්මතයි සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (23) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. 23 July 2024
ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සාහිත්‍ය තරඟාවලියක් ආබාධ සහිත පුද්ගලයින්ගේ සංස්කෘතික අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔවුන් වෙනුවෙන් සාහිත්‍යය හා කලා නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට බුද්ධ ශාසන හා ආගමික සංස්කෘති කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. 23 July 2024
ඔලිම්පික් යන රණවිරුවන්ට හමුදාපතිගෙන් තෑගි ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රිඩා තරඟාවලියට යාම සදහා සුදුසුකම් ලැබූ යුද හමුදා මාණ්ඩලික සැරයන්වරුන්ට යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමීය. 23 July 2024
විජයදාස සමාව ගනියි කොව්ඩ් සමයේදී මුස්ලිම් ජනතාවගේ දේහ ආදාහනයට නියෝග පැනවීමෙන් සිදුවූ අපහසුතාව ගැන ඉස්ලාම් ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 July 2024
ලිට්රෝ ගෑස් හිඟයක්? ලිට්රෝ ගෑස් හිඟයක් ඇතැම් ප්‍රදේශවල සතියක පමණ කාලයත සිට පවතින බව ගෑස් පාරිභෝගිකයෝ පවසති. 23 July 2024
කොමියුනිස්ට් පක්ෂය නව දේශපාලන පෙළගැස්මක සියලූ ජාතික සහ ජාත්‍යන්තර සාධක සැළැකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සියලු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී, ප්රගතිශීලි වාමගාමී, බලවේගවලට නව දේශපාලන පෙළගැස්මකට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 July 2024
මාලෙත් කඩාගෙන පී.සීටත් පිහියෙන් අනී කතරගම වල්ලි අම්මා දේවාලය අසලදී කාන්තාවකගේ රන්මාලයක් කඩා දිවගිය සැකකරුවකු අල්ලාගැනීමට යාමේදී සැකකරු දැලි පිහියකින් පොලිස් කොස්තාපල්වරයකුගේ අත කපා පලාගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි. 23 July 2024
ශෙහාන්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (23) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය. 23 July 2024
අන්ධ ප්‍රජාවට විශේෂ ඡන්ද පත්‍රිකාවක් එළඹෙන ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැසීය. 23 July 2024
ඇගිලි පාට කිරීම නවත්වන යෝජනාව කැබිනට්ටුව විසි කරයි ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එය මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැසීය. 23 July 2024
සා.පෙ. ප්‍රතිඵල සැප්තැම්බරයේදී පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා හෝමාගම දී අද (23) පැවසීය. 23 July 2024
ඝාතනයකට යොදා ගත් ගිනිඅවියක් නුගේගොඩින් හමුවෙයි ඩුබායි රාජ්‍යය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන ආ සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී ඝාතනයක් සදහා යොදාගත් ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ වළදමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයගනු ලැබීය. 23 July 2024
පොහොට්ටුවේ දිස්ත්‍රික් දොළහක නායකයෝ රහසිගත හමුවක ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහි වී ජනපතිට සහය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි . 23 July 2024
වකුගඩු ගැලවූ දරුවා ගැන පියවරක් නෑ හන්දි නමැති තුන් හැවිරිදි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු දෙක ඉවත් කිරීමෙන් පසු මියයෑම සම්බන්ධයෙන් එම සිද්ධියවී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් කිසිම පියවරක් ගෙන නැතැයි පත් කළ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය. 23 July 2024
ඒ නවය මාර්ගයේ බරපතල තුවාල සහිත මළ සිරුරක් මහනුවර යාපනය ඒ - නවය මාර්ගයේ, තිරප්පනය පොලිස් වසමේ ගල්කුලම ප්‍රදේශයේ කි.මී. 122 සහ 123ත් අතර ප්‍රදේශයේ මාර්ගයේ තිබු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23) සොයා ගත් බව තිරප්පනය පොලිසිය පවසයි. 23 July 2024
වසන්තගේ ප්‍රකාශය නිසා හඩ්සන්ට මරණ තර්ජන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයක් නිසා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය. 23 July 2024
තහනම් ඖෂධ අ‘පුර බෙදාහැරි ජාවාරම්කරු ඇතුළු 6ක් අල්ලයි පෞද්ගලික ඖෂධ සමාගමක උතුරු මැද පළාත භාර අලෙවි නිලධාරියෙකු ලබා දෙන තහනම් ඖෂධ, තොග වශයෙන් අනුරාධපුර නගරය තුල සහ ඒ අවට බෙදා හැරී ප්‍රධාන ජාවාරම්කරු ලක්ෂ 3කට ආසන්න ඖෂධ කරල් 2400ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය පවසයි. 23 July 2024
‘ආයතන 25ක දුෂණ වංචා ගැන දැනුම් දුන්නත් විමර්ශන නෑ‘ ආයතන 25ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට යොමු කර ඇතත් නිසියාකාරව විමර්ශන පවත්වා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 July 2024
බේරේ කුරුළු දූව ජිනරතනයට බේරේ වැව, කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත 23 July 2024
අල්ලස් ගත්බව කියන ඉඩම් නිලධාරියෙක් අත්අඩංගුවට කැකිරාව ප්‍රදේශයේ වෙළෙදසලක බදු ඔප්පුවක් පැමිණිලිකරුගේ නමින් වෙනස්කරදීම සදහා රුපියල් ලක්ෂ 2 ක අල්ලස් ගත් බව කියන කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. 23 July 2024
පාසල් සිසුන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම් ලබන වර්ෂය සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 23 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026