ජෛව තාක්ෂණය දියුණු කරන්න ඇමරිකා සරසවියක් සමග ගිවිසුමක් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
වන අලි පහරින් තිදරු පියා මරුට සිය නිවසේ පිටුපස රැදි සිටි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව 70 හැවිරිදි තිදරු පියෙකු එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි පිහිබියගොල්ලෑව පොලිසිය කියයි. 29 October 2024
හසීනාගේ නිල නිවස කෞතුකාගාරයක් කරයි බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් පැන්නූ අරගලයට ගෞරව දැක්වීම සඳහා ඇය ජීවත්වූ සුඛෝපභෝගී නිල නිවස අරගලයේ මතකයන් තැන්පත් කළ කෞතුකාගාරයක් බවට පත්කරන බව බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් පසුගියදා ප්‍රකාශ කළේය. 29 October 2024
පොලිසියට අල්ලස් දෙන්න ගිහින් කූඩුවේ පොලිස් නිලධාරියෙකුට රුපියල් 300ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ දැරූ ටිපර් රථ රියදුරෙකු අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 29 October 2024
තේ පර්යේෂණායතනයට ඉඩමක් දිගුකාලීන බද්දට ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දකුණු පළාත් උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
පොලිස් සුබසාධන ශ්‍රවණාගාර වැඩ යළි අරඹන්න අනුමැතිය පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් කොන්ත්‍රාත්තුව ලිට්රෝ සමාගමට 2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
අනියම් පෙම්වතිය බසයෙන් තල්ලු කළ අනියම් පෙම්වතා අල්ලයි අනියම් පෙම්වතිය බස් රථයෙන් තල්ලු කොට බරපතල තුවාල සිදුකළ බව කියන අනියම් පෙම්වතෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 29 October 2024
කුලියට නිවසක් ගෙන හොරකමේ ගිය අයෙක් පොලිස් දැලේ හෝමාගම ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ නිවසක් කුලියට ගෙන, සොරකමේ නිරත වූ පුද්ගලයෙකු, සොරකම් කරන ලද රුපියල් ලක්ෂ විස්සකට වැඩි ලැප්ටොප් පරිගණක 7ක් , ස්මාර්ට් ජංගම දුරකථන 15ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 29 October 2024
දඩ මස් සමඟ දෙන්නෙක් මාට්ටු පුත්තලම නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු වන සතුන් දඩයම් කර කැබ් රථයකින් රැගෙන යමින් සිටියදී ගිනි අවි සමග වනාතවිල්ලුව හයෙ කණුව මාර්ග බාධකයෙදී අද(29) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 29 October 2024
ලංකාව - ඉන්දුනීසියාව එක්ව වෙළෙඳ වාසියක් ගන්න යයි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන එක්සත් රාජධානියේ වෙළෙඳ යෝජනා ක්රමයෙහි ඇතුළත් ’’ අන්තර් කලාපීය සමුච්චයනය ’’ යටතේ වන පහසුකම් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව විසින් ඒකාබද්ධව අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
ඇමරිකාව පැනවූයේ සංචාරක තහනමක් නොවේ අමෙරිකා එක්සත් ජනපදය ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධව සැලකිලිමත් වන ලෙස නිවේදනයක් නිකුත් කර තිබූ නමුත් සංචාරක තහනමක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසීය. 29 October 2024
අලුතින් මුදල් අච්චු ගැහුවේ නෑ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලුතින් මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 29 October 2024
රාජ්‍ය අංශයේ ආරවුල් වළක්වන්න යාන්ත්‍රණයක් රාජ්‍ය අංශයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
ගිනි අවි-ගංජා සමඟ සිවිල් භටයා අත්අඩංගුව විදේශිය රටක නිෂ්පාදිත බෝර දොළහේ තුවක්කුවක්,ජීව පතුරම් හතරක් සහ කේරල ගංජා සමග සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත්බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. 29 October 2024
ක්‍රිකට් අනු ශූරයෝ කටුනායකට අපිට එහිදී අවසාන මහා තරගය ක්‍රීඩා කරන්න ලැබුණෙ ’’ ස්ලෝ විකට්ටුවක්’’ඒ වගේම අපි බැට් කරන කොට , පවර් ප්ලේ අවස්ථාව වනවිට අපේ මුල් පෙලේ ක්‍රීඩකයින් 04 දෙනෙකුම දැවී ගියා . අපි රැස් කළ ලකුණු ප්‍රමාණවත් උනේ නැහැ. නමුත් අපේ පන්දු යවන්නෝ හොදට බෝල් කළා යැයි ශ්‍රී ලංකා ’’’ ඒ ’’ ක්‍රිකට් කණ්ඩායමේ නායක නුවනිදු ප්‍රනාන්දු අද(29 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය . 29 October 2024
ජොන්ස්ටන් හිරේ සිට ලියුමක් ලියයි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 29 October 2024
මෝටර් රිය අඩි 20ක් පහළට පෙරැළෙයි කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලිමෙන් අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. 29 October 2024
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට අරඹයි එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 29 October 2024
ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ විදේශිකයෙක් අත්අඩංගුවට අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට සම්බන්ධ බව කියන මාලදිවයින් ජාතිකයෙකු දෙහිවලදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 29 October 2024
ධීවර අමාත්‍යාංශයෙන් රජයට කෝටි 22 ක පාඩුවක් දේශීය අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ලද වරාය ව්‍යාපෘති හතරක ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට අදාල මුදල් ගෙවීම ප්‍රමාද කිරීම නිසා ඔවුනට ප්‍රමාද පොලී ගෙවීම හේතුවෙන් ධීවර අමාත්‍යාංශය විසින් රජයට රුපියල් 226 ,324 ,249 ක මූල්‍ය අලාභයක් සිදුකර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 29 October 2024
ගුවන් තොටුපොලේ බෝම්බ බිය ඇති කළ අයෙක් මාට්ටු කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන්පුද්ගලයෙකු වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 29 October 2024
පෝස්ටර් සහ පාප්ප සමග අපෙක්ෂකයා මාට්ටු පෝස්ටර් තොගයක් සහ පාප්ප බාල්දියක් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙවර මහා මැතිවරණය අපෙක්ෂකයකු ඇතුලු හය දෙනකු අද (29) අලුයම් වතුගෙදර වඩුමුල්ල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශාන කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 29 October 2024
කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇඳේම මරා දමලා කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇදේ දී අත් ගැට ගසා ඇද සිටි සරම ගලවා ගෙල සිරකර ඝාතනය කොට තිබියදී ඊයේ 28 වැනිදා පෙරවරුවේ සොයා ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය. 29 October 2024
දිවයිනටම ඌරු උණ අවදානමක් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අඅබේරත්න කොතලාවල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 29 October 2024
වැස්සත් සමග අද තරමක තද සුළං බස්නාහිර,සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 October 2024
කුඩ්ඩා ළඟ රිවෝල්වරයක් ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට හැකිවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි 29 October 2024
ඡන්දෙට සාද දාන හෝටල්වලට මැකෝගෙන් රතු එළියක් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත 29 October 2024
පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) ඊශ්‍රායල තුළත්, ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කළේය. ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ ඡන්දය හිමිවීමෙන් පසුවය. 29 October 2024
එකම දුම්රිය දෙතැනකදී දෙවතාවක් පීලි පනී අද උදේ කොම්පඤ්ඤවීදියේදි පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි ගත කර මාලිගාවත්ත අංගනයට රැගෙන යද්දි මරදාන හා මාළිගාවත්ත අතරදී නැවත පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 29 October 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026