IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නලින් ද සජිත්ගේ උපාධි සහතිකය ඉල්ලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙස බලමින් පැවසීය.

" අශෝක රන්වල ඉවත් උනේ මේ මොහොතේ උපාධි සහතික ඉදිරිපත් කරන්න බැරි වූ නිසා. උපාධිය නැති නිසා නොවේ. එතුමා ඒක ඉදිරිපත් කරන්න යම් කාලයක් ගන්නවා.විපක්ෂ නායකතුමාට සමාජ මාධ්‍යයෙන් චෝදනාවක් තියෙනවා.හර්ෂ ද සිල්වා මහතාගේ උපාධිය ගැන අද කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑනේ.නමුත් සජිත්ගේ සහතිකය ගැන ප්‍රශ්න කරනවානේ. ඔබතුමා ඒක ඉදිරිපත් කළා නම් හරි, යනුවෙන්ද නලින් නලින්ද ජයතිස්ස  මහතා කීය.

 

 

 



අදහස් (11)

නලින් ද සජිත්ගේ උපාධි සහතිකය ඉල්ලයි

විපරමා Tuesday, 17 December 2024 04:36 PM

සහතික තිබුණට වැඩක් නැහැ. පක්ෂයවත් හරියට ගෙනියගන්ඩ බැරුවයි ඉන්නේ? ජපන් භාෂාවට නම් සහතිකයක් ඇතිනේ.

:       64       53

චන්දිමWednesday, 18 December 2024 07:13 AM

සහතික තියන නලින්ද ජයතිස්සලගේ රට කරවීම අපි අද අත්දකිනවා. සහතික තිබ්බාට ලස්සනට කතා කළාට රටක් කරවීමේ හැකියාවක් නැති බව. විලිලැජ්ජයි..

:       1       2

බකල ජයා Tuesday, 17 December 2024 04:44 PM

ඔන්න කොල්ලෝ...! ඔහොමනේ වැඩ තියෙන්න ඕනෑ! සජිත් ඊළඟ වතාවෙත් විපක්ෂ නායක කරමු..!

:       1       0

යෝගා Tuesday, 17 December 2024 04:45 PM

රංවලට නැති උපාධි කාලයක ඉඳන් තියෙනවා කිව්වා. පුලුවන් නම් හොර සහතික හදලා ඉතුරු ටිකත් නාගන්න. ඔය කිව්ව සහතික පෙන්වන්න අලුතින්ම ශිෂ්‍යභාවය අරගෙන පළමු උපාධියයි පශ්චාත් උපාධියයි ගන්න අවම අවුරුදු දහයක් යනවා.

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 17 December 2024 05:38 PM

සජිත්ගේ සහතිකේ නම් කවුරුත් දන්නවා නොපෙන්නුවාට. කරන විහිළු ටිකම මදැයි සහතිකේ වෙනුවට. දොස්තර කවින්ද ජයවර්ධනගේ වාරය දැන්. බය නැතුව මාධ්‍යය ඉස්සරහට ඇවිල්ලා නිරවුල් වෙන්න.

:       1       0

ඒ. එම්. ඒ කුමාර Tuesday, 17 December 2024 05:56 PM

උපාධි සහතික නොවෙයි. අ.පො.ස.(සා.පෙ.) සහතිකය ඉදිරිපත් කළ යුතුයි. (උපාධි සහතික නම් ඒවා පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඒවා වෙන්න ඕන).

:       1       0

fairoos Tuesday, 17 December 2024 05:58 PM

NPP එක වැරැද්දක් කරලා අහුඋනාට පස්සේ අනික් අයගේ සහතික ඉල්ලනවා .දැන් රටට ඕනේ ඔයාලගේ ඔය සහතික ද ?

:       0       2

අමල් Tuesday, 17 December 2024 06:14 PM

නරකද සජිත් උපාධි සහතිකයක් හොයාගන්නකන්, ජජබේ ආධ්‍යාත්මික නායක, දිනන තුරු ABBA සිල්වාගේ, අත් බෝම්බ පරිහරණය පිලිබඳ පශ්චාත් උපාධි සහතිකය ජනතාවට ඉදිරිපත් කලානම් !

:       0       4

අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 06:49 PM

සල්ලි වලට ගන්න පුළුවන් උපාධි සහතික නොවෙයි මචං, ශ්‍රි ලංකාවේ විභාග කොමසාරිස් නිකුත් කල අ.පො.ස. සා.පෙ සහතිකය විතරක් පෙන්නපං.

:       1       0

Nishan Wednesday, 18 December 2024 05:40 AM

නලින්ද ජයතිස්සගේ වෛද්‍ය උපාධිය පෙන්වන්න පුළුවන්ද? වෛද්‍යවරයෙක් වශයෙන් ලියාපදිංචිය පෙන්වන්න පුළුවන්ද? ඇයි එයා කිසිම දවසක ලෙඩෙක්ට බෙහෙත් නොකලේ?

:       0       1

Mohamed Wednesday, 18 December 2024 08:31 AM

විපක්ෂ නායක කම ළමයෙකුට දෙන්න .මෙයා හරියන්නේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site