
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙස බලමින් පැවසීය.
" අශෝක රන්වල ඉවත් උනේ මේ මොහොතේ උපාධි සහතික ඉදිරිපත් කරන්න බැරි වූ නිසා. උපාධිය නැති නිසා නොවේ. එතුමා ඒක ඉදිරිපත් කරන්න යම් කාලයක් ගන්නවා.විපක්ෂ නායකතුමාට සමාජ මාධ්‍යයෙන් චෝදනාවක් තියෙනවා.හර්ෂ ද සිල්වා මහතාගේ උපාධිය ගැන අද කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑනේ.නමුත් සජිත්ගේ සහතිකය ගැන ප්‍රශ්න කරනවානේ. ඔබතුමා ඒක ඉදිරිපත් කළා නම් හරි, යනුවෙන්ද නලින් නලින්ද ජයතිස්ස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික තිබුණට වැඩක් නැහැ. පක්ෂයවත් හරියට ගෙනියගන්ඩ බැරුවයි ඉන්නේ? ජපන් භාෂාවට නම් සහතිකයක් ඇතිනේ.
ඔන්න කොල්ලෝ...! ඔහොමනේ වැඩ තියෙන්න ඕනෑ! සජිත් ඊළඟ වතාවෙත් විපක්ෂ නායක කරමු..!
රංවලට නැති උපාධි කාලයක ඉඳන් තියෙනවා කිව්වා. පුලුවන් නම් හොර සහතික හදලා ඉතුරු ටිකත් නාගන්න. ඔය කිව්ව සහතික පෙන්වන්න අලුතින්ම ශිෂ්‍යභාවය අරගෙන පළමු උපාධියයි පශ්චාත් උපාධියයි ගන්න අවම අවුරුදු දහයක් යනවා.
සජිත්ගේ සහතිකේ නම් කවුරුත් දන්නවා නොපෙන්නුවාට. කරන විහිළු ටිකම මදැයි සහතිකේ වෙනුවට. දොස්තර කවින්ද ජයවර්ධනගේ වාරය දැන්. බය නැතුව මාධ්‍යය ඉස්සරහට ඇවිල්ලා නිරවුල් වෙන්න.
උපාධි සහතික නොවෙයි. අ.පො.ස.(සා.පෙ.) සහතිකය ඉදිරිපත් කළ යුතුයි. (උපාධි සහතික නම් ඒවා පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඒවා වෙන්න ඕන).
NPP එක වැරැද්දක් කරලා අහුඋනාට පස්සේ අනික් අයගේ සහතික ඉල්ලනවා .දැන් රටට ඕනේ ඔයාලගේ ඔය සහතික ද ?
නරකද සජිත් උපාධි සහතිකයක් හොයාගන්නකන්, ජජබේ ආධ්‍යාත්මික නායක, දිනන තුරු ABBA සිල්වාගේ, අත් බෝම්බ පරිහරණය පිලිබඳ පශ්චාත් උපාධි සහතිකය ජනතාවට ඉදිරිපත් කලානම් !
සල්ලි වලට ගන්න පුළුවන් උපාධි සහතික නොවෙයි මචං, ශ්‍රි ලංකාවේ විභාග කොමසාරිස් නිකුත් කල අ.පො.ස. සා.පෙ සහතිකය විතරක් පෙන්නපං.
නලින්ද ජයතිස්සගේ වෛද්‍ය උපාධිය පෙන්වන්න පුළුවන්ද? වෛද්‍යවරයෙක් වශයෙන් ලියාපදිංචිය පෙන්වන්න පුළුවන්ද? ඇයි එයා කිසිම දවසක ලෙඩෙක්ට බෙහෙත් නොකලේ?
විපක්ෂ නායක කම ළමයෙකුට දෙන්න .මෙයා හරියන්නේ නෑ