පානදුර දෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටේ :වෛද්‍යවරිය-දරු දෙදෙනා දිවි බේරාගෙන පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 30 October 2024
සියළු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 30 October 2024
අම්බර කිලෝ 17ක් සමඟ පහක් මාට්ටු ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගෙන් ලබා ගන්නා අම්බර කිලෝ 17 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 30 October 2024
දුම්රිය ප්‍රවේශපත් කවුළු වහයි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක නිරතව සිටිති. 30 October 2024
බිරිඳ මැරීයැයි වසර විසි අටකට පසු මරණ දඬුවම මිද්දෙණිය පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදේශයේදී 1996 වසරේ ජූලි මස 26 වැනි දින තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ අයෙකුට තංගල්ල මහාධිකරණය විසින් අද (30) මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය. 30 October 2024
‘උසස් පෙළ කල් දාන්නෙ නැහැ ‘ 2024 වසරේ උසස් පෙළ විභාගය කිසිවිටක කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (30) හම්බන්තොට දි පැවැති උත්සවයකදි ප්‍රකාශ කලාය. 30 October 2024
රංජන්ගේ පක්ෂයට එරෙහි පෙත්සම විසි වෙයි මහමැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු වන මහින්ද සේනානායක මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය. 30 October 2024
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් අරඹයි දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (30) පස්වරු 4.30 සිට ප්‍රවේශපත් නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පස්වරුවේ පැවසීය. 30 October 2024
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය රෝහලට අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු කල පුද්ගලයෙකු, උල් පිහියක් සහ වස බෝතලයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 30 October 2024
මිරිසවැටියේ වෙළෙන්දෝ 16 ක් අත්අඩංගුවට මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවි මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙද වෙළදියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 30 October 2024
මධ්‍යම පළාතේ හින්දු හා දෙමළ මාධ්‍ය පාසල් අනිද්දා නිවාඩු දීපවාලී උත්සවය හෙටට (31) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මධ්‍යම පළාතේ හින්දු ආගමික සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා නොවැම්බර් මස පළමුවැනිදා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී.එස්. අභයකෝන් මහතා පියවර ගෙන තිබේ. 30 October 2024
කෙසෙල්ගමු ඔයේ නාඳුනන මළ සිරුරක් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබි (30) දින නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය. 30 October 2024
බදු බර අඩු කරන තෙක් රටම බලා සිටිනවා මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අද ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා ඇති බවත් සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 30 October 2024
‘කුඩු දේවි’ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ගනේමුල්ල සංජීවගේ සහ දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කලන නැමැත්තා ගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදාහරිනු ලබන ‘කුඩු දේවි’ නැමැත්තිය රුපියල් ලක්ෂ 24 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෑලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 30 October 2024
දිස්ත්‍රික්ක 11ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්කර මැතිවරණ කොමිෂන්ට භාර දුන් බව එහි ප්‍රකාශකයෙකු පැවසීය. 30 October 2024
ගුවන් යානා ඉන්ධන නළයක් පුපුරයි ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්‍රදේශයේ කිහිපයකම ඉන්ධන කාන්දුවක් සිදුවෙමින් පවතින බව කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් නිමාව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් කීය. 30 October 2024
මහෙස්ත්‍රාත් අත්සන හොරට ගැසු සැරයන් රිමාන්ඩ් මහේස්ත්‍රාත් වරයෙකු විසින් අත්සන් කල යුතු අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වාර්තාවේ මහේස්ත්රාත්වරයාගේ අත්සන ව්‍යාජව යොදන ලදැයි යන සිද්ධියට අදාළ නඩුවක සැකකරුවෙකු වූ රංගල පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ නොවැම්බර් මස 04 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් තුමිය නියෝග කළාය. 30 October 2024
සාදය මරණයෙන් අවසන් වෙයි නාච්චාදූව මඩවලගම ග්‍රාම සේවා වසමේ අතුරු වැල්ල ප්‍රදේශයේ පැවැත්වූ නීති විරෝධී මත්පැන් සාදයකදී, සැක කටයුතු ලෙස පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි. 30 October 2024
ජොන්ස්ටන් ඇප මත මුදා හරියි එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(30) නියෝග කළාය. 30 October 2024
මුහුදට තල්ලුකල පෙම්වතියගේ හිස ගලක වැදි මරුට සිය පෙම්වතා විසින් මුහුදට තල්ලුකල පෙම්වතිය හිස ගලක වැදීමෙන් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පයාගල පොලිසිය පවසයි . 30 October 2024
විසා නැතිව ලංකාවේ සිටි බංගලියෝ පහක් මාට්ටු වීසා බලපත්‍ර නොමැතිව සීදූව අමන්ළුව ප්‍රදේශයේ ලැගුම්හලක රහසිගතව රැඳී සිටි බංගලිදේශ සංචාරකයින් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව සිදුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ස්ථානාධිපති ධනුෂ්ක මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 30 October 2024
කැකිරාවේ වැව් බැම්මක් අසල මළ සිරුරක් කැකිරාව මුඩුපෙරුමාගම වැව් බැම්ම අසළ තිබී අභීරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක් කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (30) පෙරවරුවේ සොයා ගෙන තිබේ. 30 October 2024
දැරියන් දෙදෙනකුට අතවර කළ ගණිත ගුරා අත්අඩංගුවට ගණිත විෂය උගන්වන මුවාවෙන් වයස අවුරුදු 14 හා 15 දැරියන් දෙදෙනෙකුට අතවර කළ හොරණ වගවත්ත ප්‍රදේශයේ පාසලක ගණිත ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 30 October 2024
ඡන්ද පෝස්ටර් ඇලවූ දෙදෙනෙක් මාට්ටු මැතිවරණ නිති උල්ලන්ගනය කරමින් පෝස්ටර් ඇලවු දෙදෙනකු පෝස්ටර් එක් දහස් දෙසියයක් ත්‍රී රෝද රථයක් සමග සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි . 30 October 2024
’’ලංකා ආර්ථිකයේ කොන්ද කෙලින් කරනවා’’ රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 October 2024
’’ විපක්ෂයට ගිහින් ආණ්ඩු බලය ගන්නත් වේවි’’ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට ’’ටටා බායි’’ කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී පැවසීය. 30 October 2024
මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක් රුපියල් බිලියන සියයක මුදල් අච්චු ගැසුවා යැයි කියන කතාව ප්‍රතික්ෂේප කරමින් සහ මුදල් අච්චු ගැසීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. 30 October 2024
තැපැල් ජන්දය සලකුණු කිරීමට හැදුනුම්පත අනිවාර්යයි පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 30 October 2024
කොස්තාපල්වරුන් තිදෙනෙකුට නවක වදය දුන් කොස්තාපල්ගේ වැඩ තහනම් තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි . 30 October 2024
දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් දස දහකින් ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි. 30 October 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026