
( රංජිත් රාජපක්ෂ )
මන්දක් අටවා කඳුකර කොටියෙකු ඝාතනය කර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතුයායේ ළදු කැළැවක මියගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් හැටන් පොලිසියට ඊයේ (18) දින ලබාදුන් දැනුම් දිමක් මත පොලිස් නිලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇත.
හැටන් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කොටියාගේ සිරුර සොයාගත් අවස්තාවේ කොටියාගේ හිස සහ පාද හතර දඩයම්කරුවන් විසින් කපාගෙන ගොස් ඇති බව වනජිවි නිලධාරින් කියා සිටියේය.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවු 10 ක් පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියෙකු බවත්, කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා රණ්දෙණිගල වනජිවි පශුවෛද්‍ය රෝහල වෙත යොමු කල බවද වනජිවි නිලධාරින් පැවසිය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඳුකර කොටියා මරා හිස පාද රැගෙන ගිහින්
Chamila Fernando Thursday, 19 December 2024 10:36 AM
දඩයම්කරු සොයාගෙන දැඩි දඩුවමි දිය යුතුයි
gon sethan Thursday, 19 December 2024 02:26 PM
මේවායේ පයිල් කාගාවද තියෙන්නේ සහෝදරයා?