
(අංජුල මහික වීරරත්න)
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස උසස් ආරයේ ගවයන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා ගැනීම සඳහා 2023 හා 2024 වර්ෂ දෙකෙහිම රුපියල් මිලියන 100 බැගින් වෙන් කර තිබුණ ද, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු හේතුවෙන් අවශ්‍ය ගවයන් සපයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත.
එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිචාල් හා නිලි රවී වර්ග වලට අයක් ශුක්‍රදායක පුං ගවයන් හත්දෙනෙකු (07) මෙරටට සැපයීමට එකඟතාව පළ කර තිබේ.
එසේම, පුං ගවයන් ආනයනය කර ගව ශුක්‍ර නිෂ්පාදනය කරන තෙක් සහිචාල් ගව ශුක්‍ර වඩි 20,000 ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයකින් රජයකට ගනු දෙනුවක් ලෙස මිල දී ගැනීම යෝග්‍ය බවට තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා රජය හා පාකිස්තාන රජය අතර ගනුදෙනුවක් ලෙස සහිවාල් වර්ගයට අයත් පුං ගවයින් පස් දෙනෙකු (05) හා නිලි රවී වර්ගයට අයත් පුං ගවයන් දෙදෙනෙකු (02) මිල දී ගැනීමටත්, සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000 ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයන් අතර ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් ආනයනය කරන්න කැබිනට් අනුමැතිය
Kamjay Thursday, 19 December 2024 11:59 AM
රවි කියන්නේ මී හරක් වර්ගයක්...
යෝගා Thursday, 19 December 2024 12:13 PM
උපාධි තියෙන එවුන් නම් පොඩි ගැම්මක් තියෙනවා නේ?
ජනරළ Thursday, 19 December 2024 12:30 PM
විශාල මිලක් ගෙවලා හරක් ගෙනල්ලා තියාගෙන නඩත්තු කරනවට වැඩිය හොඳ නැද්ද කෙලින්ම උසස් තත්වයේ ශුක්‍ර ගෙනවිත් දේශීය දෙනුන්ට දෙමුහුම් කිරීම? මොකද අපි රටේ ධනය ඉතා ප්‍රවේශමෙන් වියදත්ම් කළ යුතුව ඇති නිසාත් සංක්‍රමණික සතුන්ගෙන් සිදුවිය හැකි විවිධ රෝග බෝවීම වැළැක්විය යුතු නිසාත් යන කාරනා නිසා.
wedage Thursday, 19 December 2024 01:26 PM
හැරිසන් මෙන්න ඔබටත් අවස්ථාවක්.
කුකුල් චමින්ද Thursday, 19 December 2024 04:23 PM
රට කාපු දේශපාලන හැතිකරේටයි, අතලොස්සක් රාජ්‍ය නිලධාරීන්ටයි, මේ දෙගොල්ලොටම කඩේ යන බත්කන ගවයින්ටත් පුං ගව ශුක්‍ර වඩිය ගානේ දෙන්න ඕන.
Perera Thursday, 19 December 2024 04:35 PM
ආයෙමත් පාරක්... අවුරුද්දක් ගියාට පස්සේ බලමු.