IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගන්නට කොහේවත් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන්  මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රහුමාන් මහතා මෙසේද කීය.

ජනපති කතාවක් කරමින් ඉදිරියේදී දෙන්න යන සහන ගැන සඳහන් කළා.නමුත් අද රටේ හාල් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා.වෙළඳපොලේ හාල් වැඩි ගණනට විකිණීම නිසා බොහෝ ආහාර වල මිල වැඩිවී තිබෙනවා.ජනපති මේ රටේ හාල් මෝල් හිමියන් සමඟ වට පහක් විතර සාකච්ඡා කළා.අන්තිමට  220ට තිබුණු පාලන මිල රුපියල් දහයකුත් වැඩි කරලා 230ට  විකුණන්න අවස්ථාව ලබා දුන්නා.

මෙහෙම අවස්ථාවක් දුන්නත් තවම වෙළඳපොලේ හාල් හිඟයක් තිබෙනවා.230ට පාලන මිල තිබුනත් තාම නාඩු හාල් විකුණන්නේ  250 ට.කීරි සම්බා 260 යි කිව්වත් වෙළඳපොලේ මිල 280යි.රතු කැකුළු දෙසිය විස්සයි කිව්වත් වෙළඳපොලේ  250යි.

ඒ කියන්නේ ආණ්ඩුව එක පැත්තකින් පාලන මිලක් දැම්මත් තාම මේ රටේ ඉන්න හාල් මෝල් හිමියන් හාල් විකුණන්නේ තමන්ට අවශ්‍ය මිල ගණන් වලටයි.

හාල් මිල පාලනය කරන්නට ආණ්ඩුව රට හාල් ගේනවා.ඒක හොඳ තීන්දුවක්. නමුත් මුලින් ආණ්ඩුව එනකොට කිව්වේ රටින් හාල් ගෙනෙන්නේ නැති බවයි.

 



අදහස් (8)

පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද?

sugath Wednesday, 18 December 2024 08:24 PM

වරෙන් අපේ පැත්තේ...

:       0       0

karolis Wednesday, 18 December 2024 08:26 PM

එව්වා කිව්වේ පුන්නක්කු 69 ලක්ෂයේ අන්දන්න හලෝ...!

:       23       17

බකල ජයාWednesday, 18 December 2024 10:41 PM

රජගොල්ලො, ආර්ථික ඔස්තාර්ලා දීලා ගිය කැන්සර් වලට කීමෝතෙරපි දෙන ගමන් ඉන්නේ. තත්ත්වය අමාරු හින්දා ඖෂධ නිසාත් ලෙඩා මැරෙන්න ඉඩ තියෙනවා. ඉතිං කාලයක් ගතවෙයි සුවකරන්න. සමහරක්ට හැබැයි තණකොල දුන්නත් ලෙඩ සුවවෙනවා. බළල්ලු කුප්පමේනියා කනවා වගේ...

:       0       0

Perera Thursday, 19 December 2024 04:39 AM

ඊයේ මම කීරි සම්බා ගත්තා 260 ගානේ...

:       0       0

රුවන් Thursday, 19 December 2024 07:10 AM

පාලන මිලට හාල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බිත්තර රුපියල් 30යි, පොල් 130-150යි. මෙයා ඉන්නේ කොළඹ නෙමෙයි වගේ. කොළඹ හැමතැනම මිල අඩුයි. දේශපාලන පටු මානසිකත්වයෙන් වැඩ කරාම ඔහොම තමයි...

:       0       0

Lalla Thursday, 19 December 2024 07:42 AM

මෝල් සහ ගොවීන් වඩා රසවත් කීරි සම්බ කවන්න උත්සාහ කරනව. ඔයගොල්ලෝ පුන්නක්කු වගේ ආනයනය කල නාඩු කන්න හදනව.... ඉල්ලන්න ඕන නාඩු මිලට කීරි සම්බ හෝ සම්බ හාල් දෙන්න කියල....

:       1       2

kavidhu Thursday, 19 December 2024 02:09 PM

සහල් නම් ප්‍රශ්නයක් නෑ. ළුණුත් දැන් ආනයනය කරන්න යනවා.

:       0       0

SANJAYA Thursday, 19 December 2024 02:18 PM

තියෙනවා. සුදු කැකුළු 220

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
2025 මැයි මස 05 207 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක


රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 330 0

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 380 1

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 1034 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 1115 3

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 914 3

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 686 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 176 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1208 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site