IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අග්‍රාමාත්‍ය ලේකම් චීනයේ කොමියුනිස්ට් පක්‍ෂය හමුවෙයි

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ උපදේශක යුවාන් රුයිඩොං මහතා ඇතුළු දූත පිරිස අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (18) පැවැත්විණි.

මානව සම්පත සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙරටේ මැදිහත්වීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ ආධුනික  ශිෂ්‍යයන්  වෙනුවෙන්  වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් සඳහා අවස්ථා වැඩි කිරීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා චීනයේ සහයෝගීතාව ලබාදීම මෙන්ම  චීන සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතන අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සහ චීන රජයන් අතර අනාගත සහයෝගීතාව ඉහළ නංවාගත යුතු ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

 



අදහස් (0)

අග්‍රාමාත්‍ය ලේකම් චීනයේ කොමියුනිස්ට් පක්‍ෂය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site