
(අංජුල මහික වීරරත්න)
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නැවත ඇතිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය යනු ජාත්‍යන්තරව පිළිගත් පළමු පන්තියේ ක්‍රීඩා පහසුකම් සපයන ක්‍රීඩා සංකීර්ණයක් වන අතර, සියලු පහසුකම හා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත මීටර් 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථවලින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රීඩා සංකීර්ණය වේ.
2018 වර්ෂයේදී මෙම කෘත්‍රිම ධාවන පථයන් නැවත එලීම සිදු කර ඇති අතර, මේ වන විට එහි පළුදු වීම් රාශියක් පවතින හෙයින්, ජාතික තලයේ ක්‍රීඩා තරග වලට පවා නුසුදුසු තත්ත්වයක පවතින බවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්තා කර තිබේ. ජාතික හා ජාත්‍යන්තර තලය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම කෘත්‍රිම ධාවන පථ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ප්‍රතිසංස්කරණය කිරීම ජාතික වශයෙන් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කාර්යයක් බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථ නැවත ඇකිරීම, ඒ මැද පිහිටි පාපන්දු පිටිය සැකසීම, ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් කාල ගණන යන්ත්‍ර සවී කිරීම සහ ආලෝක කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම යන කාර්යයන් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදු කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුගතදාස ක්‍රීඩා පිටියට හොඳ කලක් ලබයි