
( රංජිත් රාජපක්ෂ )
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන්අද (19) ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ගංගායිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වෙල්ලසාමි ජයකුමාර් නැමති 40 හැවිරිදි එක්දරු පියෙකි.
රාත්‍රි තැපැල් දුම්රිය අද (19) දින අලුයම 4 ට පමණ කොටගල දුම්රිය ස්ථානය වෙත ළගා වි ඇති අතර, දුම්රිය යලිත් බදුල්ල දක්වා ධාවනය කල අවස්තාවේ කොටගල දක්වා දුම්රියෙන් පැමිණි ජිවිතක්ෂයට පත් පුද්ගලයාට කොටගල දුම්රිය ස්ථානයෙන් බැසිමට නොහැකි වු නිසා ඔහු දුම්රියෙන් බැසිමට උත්සහ කිරිමේදි දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය සැකකරයි.
නානුඔය සිට කොළඹ දක්වා අද (19) අලුයම ධාවනය වු දුම්රියේ රියදුරු විසින් කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය අසල මල සිරුරක් ඇති බවට දැක පසුව එම දුම්රියෙන් සිරුර කොටගල දුම්රිය ස්ථානය දක්වා රැගෙනවිත් භාර දි ඇත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියෙන් වැටී එක්දරු පියා මරුට