ගෝන මස් සමඟ අයිය මලෝ දැලේ කණ්ඩලම ජලාශයේ ජලය බීම සඳහා එන ගෝනුන් සහ වෙනත් වන සතුන් මරා මස් සඳහා අලෙවි කරන අයියා මලෝ දෙදෙනෙකු ගෝන මස් කිලෝ හතළිහක් සමග කණ්ඩලම වැව් රක්ෂිතයේ දී සැකපිට අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති. 28 July 2024
ලංකාවේ වතුර බොන්නන් ගැන අනාවරණයක් ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ඉතා පිරිසිදු තත්වයේ ජලය ලීටරයක් සත දොළහකට ලබා දෙද්දී රටේ ලක්ෂ පහකට ආසන්න පිරිසක් ලීටරය 150 ට බෝතල් වතුර පානය කිරීම හේතුවෙන් එම ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය විය. 28 July 2024
අළුබෝමුල්ලේ විරෝධතාවක් අතරතුර කලබලයක් ජනාධිපති කාර්යාලයේ හස්තයකින් බලපත්‍ර ලබාදීමට පිඹුරුපත් සකසා ඇතැයි කියන බණ්ඩාරගම අළුබෝමුල්ල කුරුස හංදිය රවුම් කඩය අසල ඇරඹීමට නියමිත රට බීමහලට විරෝධය පාමින් මහා සංඝරත්නය ප්‍රධානව මහජන විරෝධතාවයක් අද (28) පෙරවරුවේ එම ස්ථානයේදී පැවැත්විය. 28 July 2024
මංගල ප්‍රේමදාස හඩ නිහඬ වේ පුරා වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සනහාලු හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අද(28) සිය දිවිසැරිය නිමා කළේය. 28 July 2024
රාජ්‍ය ආයතනවලට රෙගුලාසි මාලාවක් ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියාකළයුතු ආකාරය පිළිබඳ චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. 28 July 2024
මාර්ග සංවර්ධන සභාපති ඉල්ලා අස්වෙයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුළුවගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 28 July 2024
බීමතින් චණ්ඩි පාට් දමා එස්.අයි.ටත් පිහියෙන් කොටලා කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට පොල් කපන පිහියකින් පහරදීමට ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි. 28 July 2024
දරුවන් ගැන වැඩිම පැමිණිලි කොළඹින් මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගත වූ මාස හයක කාලය තුළ ළමයින් සඳහා ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබුණු බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසීය. 28 July 2024
නාන්න ගිහින් කලා වැවට බිලි කලාවැවේ වැව් බැම්මේ කෝමරිකාගල ආසන්නයේ සාදයක් අතරතුර දිය නෑමට ගිය 46 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු දියේ ගිලිමෙන් මිය ගිය බව ඉපලෝගම පොලිසිය කියයි. 28 July 2024
දුම්වැටි ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂ හත්සිය හැට පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 461 නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ විදේශීය කාන්තාවක ඇතුළු ගුවන් මගීන් සිව් දෙනකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 28 July 2024
සුමන්තිරන් රිය අනතුරක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප් රථය යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 28 July 2024
ශ්‍රිලනිප තීරණය 31 දා කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා ලබන 31 දා හෙළිකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය. 28 July 2024
රෝහලට යන අතරතුර අනතුරින් එක්දරු පියා මරුට රෝහල්ගතව සිටින දරුවා බැලීමට යතුරු පැදියෙන් යමින් සිටි 25 හැවිරිදි එක් දරු පියෙකු කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගලදී සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 28 July 2024
රේගු නිලධාරියා හිටි හැටියේ මිය ගිහින් මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ රේගු නිළධාරියෙකු එහි විවේක කාමරය තුල හදිසියේ මියගොස් ඇතැයි මත්තල පොලිසිය පැවසීය . 28 July 2024
ඝාතන සැකකරුවෙක් සිව් මසකට පසු පොලිස් දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලොකු පැටි නැමැත්තාගේ උපදෙස් මත ඝාතනයක් සිදුකර කතරගමට පලා ගොස් සැඟව සිටි පුද්ගලයෙකු සිව් මස කට පසු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 28 July 2024
සබරගමුවට පොඩි වැස්සක් සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 28 July 2024
මෝටර් රථයට ගංජා දැමූ කොස්තාපල්ගේ වැඩ තහනම් වාහනයක් පරීක්ෂා කරන අතරවාරයේදී වාහනය තුළට ගංජා දමා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තැත් කළ බව කියන කොල්ලුපිටිය පොලිසියට අනුයුක්ත කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කර ඇත. 27 July 2024
ජනපතිවරණයට එන බව පළමු වරට රනිල් කියයි ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු - අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කළේය. 27 July 2024
සජබ මන්ත්‍රී ඉෂාක් ජනපතිගේ වේදිකාවේ අනුරාධපුර දිස්ත්‍රික් ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්ව ජයගමු වෙිදිකාවට ගොඩවිය. 27 July 2024
පාන් මිල ප්‍රදර්ශනය අනිවාර්යය කරයි ග්‍රෑම් 450 කින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමත් සමඟ පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි.උඩුවර මහතා පැවසීය. 27 July 2024
රාජපක්ෂලාගේ ආශිර්වාදය ලබන කාටවත් සහාය නෑ රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 27 July 2024
මාස දහයට 488ක් මරා දාලා පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 27 July 2024
පොහොට්ටුවේ සහාය ගන්න සාගල සුසිල් මහින්ද හමුවෙති ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත. 27 July 2024
පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත 27 July 2024
දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වාර්ෂික බිංගෙවල් පරීක්ෂණය සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද (27) පැවසීය . 27 July 2024
බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 July 2024
වනනිලධාරීන්ට ප්‍රහාරයක් පුනරීන් අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක් අයකු පුනරීන් රෝහලට ඇතුලත් කර ඇතැයි පුනරින් පොලිස්ය පවසයි. 27 July 2024
මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 - 2024 අතර කාලයේදීඅඩුවී ඇතැයි මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 27 July 2024
පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම් පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. 27 July 2024
ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026