
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට වැය වන විය හියදම් ගැන ආණ්ඩුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් ඉකුත් මාස එකොළහකට රුපියල් මිලියන 82ක් වැය වූ බවට කෙරුණු ප්‍රකාශ සත්‍යයෙන් තොරය.
හිටපු ජනපතිවරයා වෙනුවෙන් අමතර වියදම් වැය කෙරුනේ වාහන සහ ඉන්ධන සඳහා පමණකි.එය සැලකිය යුතු මුදලක් නොවේ .
වැඩිම මුදලක් වැය වන්නේ රජයේ සේවකයන් වන ආරක්ෂක නිලධාරීන්ගේ වේතන සඳහාය.ඔවුන් කුමන තැනක රාජකාරී කළත් ආරක්ෂක නිලධාරීන්ට හිමි වැටුප ගෙවිය යුතුමය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82ක් ඉකුත් මාස එකොළහේදී වැය වූ බවට ගණන් හදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප ද සමග ඒ ගණනය කිරීම වැරදිය. එම නිසා ප්‍රකාශ කෙරුණු ගණන් හිලව් නිවැරදි නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා භටයන්ට වාහන වෙන් කරන්නෙ නැද්ද? මෙයා ලඟ නිකන් තියෙන එකේ ප්‍රයෝජනව වැඩක් ගන්න බැරිද?
ලොවෙත් නැති ගණන් හැදීමක්. මගේ නමටත් වඩා ඉහලින් මුන් ඉන්නේ. යකෝ නිළධාරීන් මූට අනුයුක්ත කරලා මිසක් කජු සීයා හමුදාවට හෝ පොලීසියට අනුයුක්ත කරලා යැ නිළධාරීන්ගේ පඩිය හමුදාවට බැර කරන්න . දැන් තියෙන්නේ හිටපු ජනාලා හමුදාවට බඳවලා බැරැක්ක මුර කරන රස්සාව දෙන්න.
අරුම පුදුම හිටපු ජනපති සහ මුදල් ඇමති. එතකොට තමුන්ට ඉන්න ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප දාන්න ඕන වෙනත් අමාත්‍යංශයකටද ? ඒකත් මොකක්ද කියල ඔහොම්මම කීවානම්, දැන් ඉන්න ජනපතිට එහෙම කරන්න කියල කියන්න පුළුවනි. මේගොල්ලො පළපුරුදු කෂ්ටියනේ...
පින් ජනාධිපතිලා වෙනුවෙන් සත පහක්වත් වියදම් නොකළ යුතුයි.
ඔය ඉන්න ටික දෙනාවත් එපා කියන්න මෙයා. කොහෙ හිටියත් පඩිගන්න එකනේ. අනික හිටිය කියල මොනවා ආරක්ෂා කරන්නද?
ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ පඩි ගෙවලා මෙයාලා රකිනවට වඩා වටිනවා එයාලා ලවා රටේ තිබෙන කැලෑ ටික ආරක්ෂා කරන එක. මත්ද්‍රව්‍ය වැටලීම් කරවන එක.
මූට ජනතා මුදලින් මොන ආරක්ෂාවක්ද? මූ ජනතා ඡන්දෙන් ජනාධිපති වුණ එකෙක් නෙවෙයි නේ.
ඔන්න බළලා පැන්නා මල්ලෙල් එළියට... වේයෝ කාපු පෝෂෙ එහෙම දන්නේ නැහැ නේද? නෙට් ෆ්ලික්ස් බලබලා ඉන්න මිලියන 82ක් කරුණාකර සූත්තර පුංචාගෙන්ම ගන්න ඉගෙන ගන්න.
මොහු නිකරුනේ පොලිස් නිලධාරීන් 100 තියාගෙන සිටියා නම් එම 100 වැඩ කරගැනීමට තවත් අමතර නිලධාරීන් 100ක් පොලිස් දෙපාර්තමේන්තුව සතුවිය යුතුයි. නැත්නම් සිටින අනික් අයට අතිකාල ගෙවිය යුතුයි. මෙය තක්කඩි ගණනය කිරීම් සීයාගේ ගැන ලැජ්ජයි.
හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාවක් කුමටද? තරහකාරයො ඇතිවන්නේ ජනාධිපති නිල වශයෙන් සිටින කාලයටයි. ඒ නිසා විශ්‍රාම ගිය පසු සියළු පහසුකම් ඉවත්කළ යුතුයි.
ඔව් ඔබලාව ආරක්ෂා කරන්න වියදම් කරලා පත්කරපු ආරක්ෂක හමුදාව ගොවියන්ගේ ගොවිතැන් ආරක්ෂා කරන්න යෙදෙව්වා නම් මිනිස්සුන්ට හාල් එළවලු පලතුරු ටිකවත් තියෙනවා.
එහෙනම් ඉතින් හරි ගාණ කියන්නකෝ...!