(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)
වැලි තොටුපොළකට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් බව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකු ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බීට්ටු වන නිලධාරියෙකු සහ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකි.
අම්පාර වන සංරක්ෂණ කලාපයට අයත් සමන්ගල රක්ෂිතය තුල වැලි ගොඩ දැමීම සහ ගවගාලක් පවත්ගෙනයාම සදහා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා, එම මුදල් ලබා ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් පෙරේදා (18) සවස අත්අඩංගුවට ගත් බව අධිකරණයේ දි කියැවිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමක දී, පැමිණිලිකරුට අයත් ව්‍යාපාරික ස්ථානයක් අසල දී, සමන්ගල රක්ෂිතයේ ගවගාලක් පවත්වාගෙන යාම සහ වැලි ගොඩ දැමීම සදහා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් සැකකරුවන් දෙදෙනා අල්ලස් ලෙස මුදල් ලබා ගනිමින් සිටීය දී අත්අඩංගුවටගත් බවත් , පළමු සැකකරුවන බීට්ටු වන නිලධාරියා සන්තකයේ තිබී එම මුදල්වලින් රුපියල් 40,000 ක් ද, වන ක්ෂේත්‍ර සහකාරවරයා සන්තකයේ රුපියල් 60,000 ක මුදලක්, සොයා ගත්බවත්, සැකකරුවන් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් වන නිලධාරින් රිමාන්ඩ්