
(අංජුල මහික වීරරත්න)
ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තොරතුරු තාක්ෂණයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් ඉන්දියාව ඉ-රාජ්‍ය පාලනය, මුල්‍ය තාක්ෂණ ක්‍රමවේද, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර වල අත්කරගෙන ඇති විශේෂඥ දැනුම බහු විධ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ ධිජිටල් සංවර්තනය සඳහා ලබා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවකට පැමිණ තිබේ.
එමඟින්, ඩිජිටල් සංවර්තන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීමට සහ ඩිජිටල් සංවර්තන විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී දෙරට අතර ආයතනික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත අවබෝතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක් අත්සන් කරන්න යයි