
(අංජුල මහික වීරරත්න)
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන- පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන සඳහා වෙන් කෙරෙන මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුල් ළමා විය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.
දැනට එක් දරුවෙකු සඳහා දිනකට රුපියල් 60/-ක් ලබා දෙනු ලබන අතර, 2025 වර්ෂය තුළ දරුවන් 155,000කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරේ.
වර්තමානයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එක් දරුවෙකු සඳහා දිනකට වෙන් කර ඇති රුපියල් 60/- ක මුදල ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදල රුපියල් 100/- දක්වා වැඩි කිරීමටත්, " අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්" යන නිර්ණායකය පදනම් කර ගෙන තෝරා ගනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන / පෙර පාසල් වල එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කළා වගේම වැඩි කරපු මුදලට හරියන කෑම එක දියුණු වෙලාද කියලා බලන්න ඕනේ. නැත්නම් වැඩි කළ මුදල කෑම සපයන අයට සහ තවත් පිරිසකට විතරක් වාසිදායක වෙයි. ළමයින්ට පරණ කෑම එකම ලැබෙයි. අනික තමයි පහුගිය කාලයේ ළමයින් ගොඩක් මේ කෑම එක කාලා ලෙඩ වුණා. ඒවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බලන්න ඕනේ.