(අංජුල මහික වීරරත්න)
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන- පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන සඳහා වෙන් කෙරෙන මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුල් ළමා විය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.
දැනට එක් දරුවෙකු සඳහා දිනකට රුපියල් 60/-ක් ලබා දෙනු ලබන අතර, 2025 වර්ෂය තුළ දරුවන් 155,000කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරේ.
වර්තමානයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එක් දරුවෙකු සඳහා දිනකට වෙන් කර ඇති රුපියල් 60/- ක මුදල ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදල රුපියල් 100/- දක්වා වැඩි කිරීමටත්, " අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්" යන නිර්ණායකය පදනම් කර ගෙන තෝරා ගනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන / පෙර පාසල් වල එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පෙර පාසල් දරුවන්ගේ කෑම වේලේ ගාණ වැඩි කරයි
prabash Thursday, 19 December 2024 01:49 PM
වැඩි කළා වගේම වැඩි කරපු මුදලට හරියන කෑම එක දියුණු වෙලාද කියලා බලන්න ඕනේ. නැත්නම් වැඩි කළ මුදල කෑම සපයන අයට සහ තවත් පිරිසකට විතරක් වාසිදායක වෙයි. ළමයින්ට පරණ කෑම එකම ලැබෙයි. අනික තමයි පහුගිය කාලයේ ළමයින් ගොඩක් මේ කෑම එක කාලා ලෙඩ වුණා. ඒවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බලන්න ඕනේ.