
(අංජුල මහික වීරරත්න)
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය ඒ අනුව සංශෝධනය කිරීමට නියමිතය.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරෙනු ඇත.
මීට පෙර තිබූ අවුරුදු 65 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේ දී එවකට ආණ්ඩුව විසින් අවුරුදු 60 දක්වා පහත දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දොස්තරලා විශාල ජනමතයක් ගොඩනගාගෙන යනවා ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ... හිඟා කෑවත් මීට වඩා හොයන්න පුළුවන්... රට ගියා නම් ලක්ෂ 20 ලැබෙනවා වගේ කතා කියලා. ඒ වෙනුවෙන් මාධ්‍ය හමු පවා තිබ්බා. නමුත් මම මෙතැන මතුකරණ කාරණය වන්නේ, විශේෂඥ වෛද්‍යවරු ඇතුලු දොස්තරලා පිරිසක්ම තමයි ඔව්න්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා නඩු දාන්න ගියේ. එසේ නම් විචක්ශණ ශීලීව බැලුවොත් පේනවා මොන කතා කිව්වත් ඔවුන්ට ඔය වැටුප ලංකාවේ වෙනත් වෘත්තීන් සමග බැලුවොත් විශාල වැටුපක්. අවමය ලක්ෂ දෙක හමාරක්. මහ බැංකුවේ හැර පූර්ණ රාජ්‍ය සේවකයින්ට ලැබෙන්නේ 80,000 පමණ උපරිම වැටුපක්. වෙනත් සේවාවල මාණ්ඩලික නිලධාරීන්, රැකියාවට යන එක තමාට පාඩුයි කියලා ඉල්ලා අස්වෙනවා. හෙදියන් දහස් ගානක් රට හැර ගිහින්. මම දැක්කා ඉංජිනේරුවෝ 5000 ට වඩා පිරිසක් පසුගිය අවුරුද්දේ රටින් ගිහින් කියලා. ඇත්තම තත්වය දොස්තරලාට රාජ්‍ය සේවයේ ඉන්න විට, සාපෙක්ෂව ඉහළ වැටුපක්, වාහන පර්මිට්, ළමයි ජනප්‍රිය පාසල් වලට දාන්න, වාහන රක්ෂණ සඳහා විශාල මිල අඩු කිරීම් වැනි අති විශාල වරප්‍රසාද ලැබෙනවා. එක පැත්තකින් පඩිය මදි කියලා මාධ්‍ය හමු තියන ගමන් අනිත් පැත්තෙන් විශ්‍රාම වයස වැඩි කරන්න නඩුදානවා...