
(අංජුල මහික වීරරත්න)
ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුලතිව්, කිලිනොච්චි, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7 හි ග්‍රාම නිලධාරී වසම් 540 ක් කේන්ද්‍ර කර ගනිමින් කළ ජල සේවා සඳහා ප්‍රවේගය වැඩි කිරීමට සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට " ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" ආරම්භ කර ඇත.
ඒ සඳහා ලෝක බැංකුවේ ආයෝජන ව්‍යාපෘති මූල්‍ය සාධන පත්‍රය යටතේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 165 ක ණය මුදලක් ලබා දී තිබේ.
ව්‍යාපෘතියේ විෂය පථය තවදුරටත් පුළුල් කිරීම සඳහා ලෝක බැංකුව විසින් අතිරේක මුල්‍ය සංරචකයක් (දෙවන අදියර) අනුමත කරනු ලැබ ඇති අතර, ඒ යටතේ මාතර, කුරුණෑගල, මාතලේ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල ද නල මාර්ග දිගු කිරීමේ ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කරනු ලැබ ඇත. 2025-06-30 වන විට ව්‍යාපෘති අවසන් කිරීමට සැලසුම් කර ඇති නමුත් ඉදිකිරීම් ද්‍රව්‍ය වල පිරිවැය ඉහළ යාම සහ එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධනය කිරීම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 1,180කින් වැඩි කළ යුතුව තිබේ.
ඒ අනුව, ව්‍යාපෘතියෙහි මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමටත්, අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර ගැනීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටටම වතුර දෙන්න වැඩිපුර මුදලක් වෙන් කරයි
chamara Thursday, 19 December 2024 02:22 PM
මේක හොද වැඩක්. විශේෂයෙන් බීමට සුදුසු ජලය අඩුයි. මිනිස්සු වතුර බොනවා අඩුයි. වෙන ඒවා බොන්නේ ඒ වෙනුවට.