
(ආරියරත්න රණබාහු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සහිත වාර්තා පාර්ලිමේන්තුවේ දිගහැරියද ඒවා මෙතෙක් සභාගත කර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව ඉදිරිපත් කරනු ලබන වාර්තා සභාගත කිරීම සිරිතක් වුවද විපක්ෂ නායකවරයා එය අනුගමනය කර නැතැයි කීඅ මාත්‍යවරයා ඊයේ18 සවස 5,30 වනතුරුත් එය සභාගත කර නොතිබූ සඳහන් කළේය.
ඒ පිළිබඳව තමා අද දිනයේ ද පාර්ලිමේන්තුවෙන් සොයා බැලු නමුත් අද දවල් 11 වනතුරුත් ඒවා සභාගත කර නොතිබුබව ද හෙතෙම අවධාරණය කළේය..
එම නිසා එම අධ්‍යාපන සුදුසුකම් නිවැරදිදෑයි පරික්ෂා කිරීම සඳහා හැකි ඉක්මනින් සභා ගත කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසූ අමාත්‍යවරයා කිසිවෙකු ඉල්ලා නොතිබූ උප්පැන්න සහතිකයක් පවා විපක්ෂ නායකවරයා ඉදිරිපත් කිරිම විමතියට කරුණක් බවද කිය.
ඇමතිවරයා මෙම කරුණු පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ ඇස්වල කෙස්ගස් බලන්න ඉස්සර වෙලා තමන්ගේ ඇස්වල පරාලේ බලලා ඉන්න.
දැන් මේ මිනිස්සු දහස් ගාණක පොරොන්දු දීලා බලය ගත්තේ අනුන්ගේ සුදුසුකම් හොයන්නද? මුනිස්සු ජීවන බරින් මිරිකිලා. හාල් බොහෝ තැන්වල හිගයි. තිබ්බත් පාලන මිලක් නෑ. සම්බෝලයත් කන්න අද දුප්පත් මිනිහෙකුටවත් බෑ. සියලුම දේ ගිනි ගණන්. ඒවට විසදුම් නොදී වෙන මගුල් කියවන්නේ මේ මිනිස්සුන්ගේ නොහැකියාව.
කරන්න තියෙන දේවල් නැතුව වගේ මේව අල්ලගෙන දගලන එක නම් මෝඩකම.
විපක්ෂයෙන් ඉඳිරිපත් කරන සමහර දේ රටටවත් ජනතාවටවත් වැඩක් නැත. මාධය මගින් අහන ගොන් ප්‍රශ්නද ඒ වගේය. රජයේ මන්ත්‍රීවරුද නොවැදගත් දේ පාර්ලිමේන්තුවේ දී ඇද ගෙන යයි. එවිට සිදුවන්නෙ හිටපු රජයන්ට ඔවුනුත් සමාන වීමයි.
එයා ඒවා සභාගත කරනකල් තමුන් ජපන් තානාපතිට කියලා හරි රන්වලගෙ ආචාර්ය උපාධියේ ඇත්ත නැත්ත හොයාගන්නකෝ. ඊට පස්සේ අනුර කිව්ව විදියට වංචාවක් වෙලා තියෙනවනම් දඬුවම් දීලා පෙන්වන්න. ඒ අතර, නැති උපාධි පෙන්වපු තව 28ක් තමුන්ගේ පක්‍ෂයේ ඉන්න බවත් මතක තියා ගන්න.
අනුරගේ හොර සහතික වේවා වෙන හොරකම් වංචා වේවා අපි ඡන්දෙ දුන්නේ ඕවා හොයන්නත් එකක් තමයි.
මේ මහත්තයා සෞඛ්‍ය ඇමතිතුමා, එත් කරන්නේ සෞඛ්‍ය සේවයට අදාලත්වයක් නැති කුණු කන්දල් ඇවිස්සීමක්
ඔක්කෝටම කලින් නලින්ද ජයතිස්සගේ මොලේ කොලොප්පම් වෙලාද බැලිය යුතුයි. මිනිස්සු ආර්තික පීඩනයෙන් මිරිකිලා. ඡන්දෙන් කිව්ව එක සහනයක් දීල නෑ. ඒවා නොකර වෙන මගුල් කියවනවා. කෝ 150 පෙට්‍රල් ? හාල් මිල අඩු කරන්න හාල් මෝල්කාරයින්ගේ මීටින් එකක් කැඳවලා සහන දුන්නේ මෝල් හිමියන්ට... හේතුව ඡන්දෙට ඔවුන්ගෙන් ගත්තු සල්ලි. ඔවුන්ට සහනය දෙද්දී පාරිභෝගිකයින්ට අසහනය. මොවුන්ගේ ඇස් වල පොල් පරාල තියෙද්දී අනුන්ගේ පොල් කෙඳි දකින්නේ. කයිය විතරයි. වැඩක් කරන්න බැහැ.
පාර්ලිමේන්තුවේ දිනකට වියදම කෝටි ගණනක් වෙනවා. රැස්වීම් දිනවල අනුන්ගේ රෙදි ගලවා විරුද්ධ පක්ෂයේ අයගේ පස්සවල් බලන්න ගියාම නාස්ති වෙන්නේ ජනතාවගේ මුදල් තමයි. 1971 සිට අනුර ජනාධිපතිතුමා පත්වෙන තුරුම අවුරුදු 76ක් රට කෑවා කියමින් පැවැති රජයන්ගේ කකුලෙන් ඇද්ද කට්ටිය මොනවාද ඔය කරන්නේ? ඇත්තටම අපි නම් ඡන්දය දුන්නේ ඔහේලා කියපු හැටියට රට හදන්න මිස ඕවා කරන්න නම් නොවෙයි...